දේශීය

හකීම්ගේ සහ හෙට්ටිගේ මහතාගේ ආශ්‍රිතයින් හඳුනා ගනී

(UTV |කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා සහ අග්‍රාමාත්‍යවරයාගේ දේශපාලන කටයුතු සම්බන්ධීකරණ ලේකම් කුමාරසිරි හෙට්ටිගේ මහතාගේ සමීප ආශ්‍රිතයින් කවුරුන්ද යන්න හඳුනා ගෙන තිබේ.

ඒ රවුෆ් හකීම් මන්ත්‍රීවරයා සහ කුමාරසිරි හෙට්ටිගේ මහතා පාර්ලිමේන්තුවට පැමිණ ආපසු යන තෙක් වූ CCTV දර්ශන මඟිනි.

ඒ අනුව මන්ත්‍රීවරු 21 දෙනෙකු පමණ හඳුනාගෙන ඇත.

කොවිඩ් – 19 ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති රවුෆ් හකීම් මන්ත්‍රීවරයා පසුගිය 05 වන දින පාර්ලිමේන්තුවට පැමිණ ඇති අතර කුමාරසිරි හෙට්ටිගේ මහතා පසුගිය 08 වන දින පාර්ලිමේන්තුවට පැමිණ තිබේ.

මේ අනුව ඔවුන් දෙදෙනාගේ සමීප ආශ්‍රිතයින් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 21 දෙනෙකු ද සභානායක කාර්යමණ්ඩලයේ සහ පාර්ලිමේන්තු කාර්යමණ්ඩලයේ කිහිපදෙනෙකුද හඳුනාගෙන ඇති බව වේත්‍රධාරී නරේන්ද්‍ර  ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

ඔවුන් සියලුදෙනා ස්වයං නිරෝධායනයට යොමුකර ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

පාර්ලිමේන්තුවද මේවන විට විෂබීජහරණය සිදුකර ඇති අතර පාර්ලිමේන්තුවේ කටයුතු කිසිදු බාධාවකින් තොරව පවත්වාගෙන යනු ලබයි.

Related posts

සජබ, මාලිමා, අලි, පොහොට්ටු එකට ඡන්දය දී සම්මත කළ අයවැයක්…

Editor O

කන්දකාඩු රැඳවියන් 600ක් පැනයයි

Mohamed Dilsad

මනෝ ගනේෂන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ගයක්…!

Editor O

Leave a Comment