Trending Newsඑසැන පුවත්දේශීය

මනෝ ගනේෂන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ගයක්…!

සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු වන ප්‍රජාතන්ත්‍රවාදී මහජන පෙරමුණේ නායක මනෝ ගනේෂන් මහතා සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලමින් එම පක්ෂයේ ක්‍රියාකාරීන් පිරිසක් සජබ නායකත්වය වෙත ලිඛිත ඉල්ලීමක් ඉදිරිපත් කර ඇත.

මෙම ඉල්ලීමට හේතුව වී ඇත්තේ, අයවැය දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීමේදී ගනේෂන් මහතා අයවැයට පක්ෂව ඡන්දය භාවිත කිරීමයි.

ගනේෂන් මහතා පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් හමුවේදී අයවැයට එරෙහිව ඡන්දය ප්‍රකාශ කරන බවට පොරොන්දු වී සිටි අතර, අනතුරුව ඊට පක්ෂව ඡන්දය දීම බරපතල විනය කඩකිරීමක් ලෙස මෙම ක්‍රියාකාරීන් පෙන්වා දෙති.

පසුගිය මැතිවරණයෙන් මන්ත්‍රීවරයා පරාජයට පත් වුවද, පක්ෂය විසින් ඔහු කෙරෙහි තැබූ සුවිශේෂී විශ්වාසය මත ජාතික ලැයිස්තුවෙන් පත් කරනු ලැබූ බවත්, ඔහු එම විශ්වාසය බිඳ දමා ඇති බවත් පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග තහවුරු කරයි.

අයවැය දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීමේදී මනෝ ගනේෂන්, පලනි දිගම්බරම්, ජීවන් තොණ්ඩමන් සහ වී රාධ ක්‍රිෂ්ණන් යන මන්ත්‍රීවරුන් අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළහ.

ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව මන්ත්‍රීවරයා පැවසුවේ වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමට සහය දැක්වීමක් වශයෙන් මෙම තීරණය ගත් බවයි. 

Related posts

වැටුප් වැඩි කිරීම් සහ වාහන බලපත්‍ර ඉදිරි අය-වැයෙන් නොලැබුණොත්, දොස්තරලා 7000ක් රට හැර යනවා..-

Editor O

ரஜினி மகள் சௌந்திரயாவின் மறுமணம் திகதி

Mohamed Dilsad

Rishad Bathiudeen praises Premier for leadership towards historic triumph of democracy

Mohamed Dilsad

Leave a Comment