ක්‍රීඩා

ICC ක්‍රිකට් කවුන්සිල කමිටු රැස්වීම් අද සිට

(UTV | කොළඹ) – අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල කමිටු රැස්වීම් අදින් ආරම්භ වනවා.

එය අප්‍රේල් 10 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

ඊට සහභාගිවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් ඊයේ ඩුබායි බලා පිටත්ව ගොස් තිබුණා.

මෙම රැස්වීම් ඩුබායිහි දී පැවැත්වෙනු ඇති.

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාට අමතරව මෙම රැස්වීම්වලට සහභාගිවීම සඳහා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා සහ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වා යන මහත්වරුද සහභාගී වන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

Related posts

CPL ආරම්භය අගෝස්තු 28 වනදා

Mohamed Dilsad

අකිලට යළි සංචිතයට එක්වීමට වරම්

Mohamed Dilsad

කුලසේකරගේ සමුගැනීම ගැන ලසිත් කියූ සංවේදී කතාව(වීඩියෝ)

Mohamed Dilsad

Leave a Comment