ක්‍රීඩා

20 යි 20 තවත් වාර්තාගත ජයක්

(UTV|බංගලාදේශය) – ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පන්දුවාර 20 ක‍්‍රිකට් පිටියේ තවත් වාර්තාගත ජයක් ඊයේ (03) හිමිකර ගත්තේය.

ඒ, බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිවය.

තරගයේ ප‍්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථානය නියමිත පන්දුවාර 20දී කඩුලූ 08කට ලකුණු 167ක් රැස් කළේය.

පිළිතුරු ඉණිම ක‍්‍රීඩා කළ බංග්ලාදේශ කණ්ඩායමට රැස්කර ගත හැකි වූයේ ලකුණු 122ක් පමණි.

පන්දු යැවීමේ දී ඇෆ්ගනිස්ථානයේ රශීඩ් ඛාන් ලකුණු 13කට කඩුලූ 03ක් බිඳ හෙළුවේය.

පන්දුවාර 20 ක‍්‍රිකට් පිටියේ ලොව අංක එකේ පන්දු යවන්නා වන ඔහු මෙහිදී නව ක‍්‍රිකට් වාර්තාවක් බිහි කිරීම ද විශේෂත්වයක්. ඒ, අඩුම දින ගණනකින් පන්දුවාර 20 ක‍්‍රිකට් පිටියේ කඩුලූ 50ක් බිඳ හෙළු පන්දු යවන්නා බවට පත්වෙමිනි.

අඩුම තරග සංඛ්‍යාවකින් පන්දුවාර 20 පිටියේ කඩුලූ 50ක් බිඳ හෙලූ ලොව දෙවන ක‍්‍රීඩකයා ලෙසටද ඔහු වාර්තා වාර්තා පොත් අතරට එක්වුණි. එහි ලෝක වාර්තාවට හිමිකම් කියන්නේ ශ‍්‍රී ලංකාවේ අජන්ත මෙන්ඩිස්ය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

එංගලන්තය සහ නවසිලන්තය සමඟින් 2019 ලෝක කුසලාන තරගාවලිය අදයි

Mohamed Dilsad

ක්‍රීඩකයන් දෙදෙනෙක්ට තරඟ පාවාදීමේ චෝදනා

Mohamed Dilsad

ජාත්‍යන්තරයට ක්‍රිකට් පිති හදන මෙරට තරුණයා[PHOTO]

Mohamed Dilsad

Leave a Comment