ක්‍රීඩා

ජාත්‍යන්තරයට ක්‍රිකට් පිති හදන මෙරට තරුණයා[PHOTO]

(UTV | කොළඹ) – ජාත්‍යන්තර ක්‍රිකට් තරග සඳහා ක්‍රිකට් පිති සැකසීම සඳහා මෙරට තරුණයෙකු සුදුසුකම් ලබා තිබේ.

ඒ අනුව ICC අනුමත කළ ලිපියක් ලැබී ඇති පළමු ශ්‍රී ලාංකිකයා බවට 24 හැවිරිදි සහන් දික්මඩුගොඩගේ මේ වන විට පත්ව ඇත.

ඔහු ශ්‍රී ලංකාවට පැමිණියේ මීට වසර කිහිපයකට පෙරය.

සිය ඕස්ට්‍රේලියානු රැකියාව හා විශ්ව විද්‍යාල අධ්‍යාපනය අතහැර ශ්‍රී ලංකාවේ ප්‍රථම වෘත්තීය ක්‍රිකට් පිති නිෂ්පාදකයා වීමේ සිහිනය ඔහු ආරම්භ කල අතර මෑතකදී ඔහු කර්මාන්ත අමාත්‍ය විමල් විරවංශ මහතා හමුවී තිබේ.

“හරියටම අවුරුදු 2 යි මාස 10 කට පෙර මම මගේ මේ සිහිනය ආරම්භ කළා. ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සඳහා ජාත්‍යන්තර ලෝක කුසලාන තරඟ සඳහා දැන් ‘STAUNCH’ ක්‍රිකට් පිති භාවිතා කරනවා” ඔහු එහිදී  පවසා ඇත.

දේශීය ක්‍රිකට් පිති නිෂ්පාදකයින් මුහුණ දෙන ප්‍රධානතම අභියෝගය ලෙස ක්‍රිකට් පිති සෑදීම සඳහා අමුද්‍රව්‍ය ආනයනය කිරීමේදී 20% ක බද්දක් ගෙවිය යුතු අතර විදේශීය ක්‍රිකට් පිති ආනයනය කරන්නන්ට ගෙවිය යුතු වන්නේ 2% ක ඉතා සුළු බද්දක් බව සහන් පෙන්වාදී තිබේ.

Related posts

එංගලන්තයට එරෙහි ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය මෙන්න

Mohamed Dilsad

අද තරගයේ වෙනස්කම්

Mohamed Dilsad

ඉදිරි තරඟ සාර්ථකව කරන හැටි දික්වැල්ල කියයි

Mohamed Dilsad

Leave a Comment