ව්‍යාපාරික

කොවිඩ් -19 වෛරස හමුවේ ලංකාවේ ආර්ථිකයටත් බලපෑම්

(UTV | කොළඹ) – කොවිඩ් -19 වෛරස අවධානම හමුවේ ශ්‍රී ලංකාවේ ආර්ථිකයට බලපෑම් එල්ලවිය හැකි බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

ඊට හේතුව ලෙසට පේනා දෙන්නේ චීනයට සිදු කෙරෙන අපනයන මෙන්ම චීනයෙන් කෙරෙන ආනයන පහළ යනු ඇති බවට පුරෝකථනය කර තිබීමයි.

දිවයිනට පැමිණෙන චීන සංචාරකයන් ද පහ බැස ඇති අතර , පෙබරවාරි මාසයේදී පැමිණි චීන සංචාරකයන්ගේ ප්‍රතිශතය පසුගිය වසර හා සැසඳීමේදී 92.5% කින් පහත වැටී තිබූ බව මහ බැංකුව නිකුත් කල වාර්තාවක දැක්වෙයි.

මේ අතර ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් වැඩි පිරිසක් වාසය කරන දකුණු කොරියාව , ඉතාලිය සහ මැදපෙරදිග සිට සිදුකෙරෙන ප්‍රේෂණවල අඩුවක්ද දක්නට ලැබෙන බව මහ බැංකුව අවධාරණය කරයි.

එයද මෙරට ආර්ථිකයට දැඩි බලපෑමක් බවට හඳුනාගෙන තිබේ.

Related posts

ඉන්ධන පිරවුම්හල් පවත්වාගෙන යෑම අසීරු තැනකට ; සියයට 1.75%ක, ලැබෙන වට්ටම ප්‍රමාණවත් නැහැ.

Editor O

රුපියලේ දරුණුතම කඩා වැටීම අද [UPDATE]

Mohamed Dilsad

තරු පංතියේ ආහාර වේලට අලුතින්ම එකතු වූ ආහාර වර්ගය මෙන්න. : සාමාන්‍ය හෝටලවල ආහාර මිල සියයට 30% කින් ඉහළට.

Editor O

Leave a Comment