ක්‍රීඩා

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

2023 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර තරගය ලක්නව් හීදී ආරම්භ වීමට නියමිතය.

 

එහි කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා නායක කුසල් මෙන්ඩිස් සමත් විය.

 

ඒ අනුව පළමුව පන්දුවට පහරදීමට ඔහු තීරණය කළේය.

 

මෙම තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක් සිදුකර තිබේ.

 

තුවාල ලැබූ දසුන් ශානක වෙනුවට චාමික කරුණාරත්න ව කැඳවා ඇති අතර මතීෂ පතිරණ ගේ ස්ථානය ළහිරු කුමාර ට හිමිවී තිබේ.

 

මේ අතර ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ කිසිදු වෙනස්කමක් සිදුකර නොමැත.

Related posts

IPL තරඟාවලිය අවලංගු කිරීමේ සුදානමක්

Mohamed Dilsad

නව වසරේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ලැබුණු අසුබ පුවත

Mohamed Dilsad

කොරෝනා මර්දනයට බාසිලෝනා සිය වැටුපෙන් 70% ක් ලබාදෙයි

Mohamed Dilsad

Leave a Comment