දේශීය

ප්ලාස්ටික් පුටුවක රැඳවූ ඉටි පන්දම කාන්තාවකට මරු කැඳවයි

අයගම පොලිස් වසමේ උඩුගල ප්‍රදේශයේදී නිවසක ඇතිවූ ගින්නක් හේතුවෙන් වයෝවෘධ කාන්තාවක් පිළිස්සී මියගොස් තිබේ.

 

ඊයේ (16) උදෑසන කාලයේදී එම සිද්ධිය වාර්තා වූ බව පොලීසිය පවසයි.

 

එසේ මියගොස් ඇත්තේ, උඩුගල, අයගම ප්‍රදේශයේ පදිංචි 79 හැවිරිදි කාන්තාවකි.

 

එම කාන්තාව අසනීප තත්ත්වයෙන් එක් තැන්ව සිට ඇති අතර රාත්‍රී කාලයේදී ඇය රැඳී සිටි කාමරයේ විදුලි පහනක් නොමැති හෙයින් ප්ලාස්ටික් පුටුවක ඉටි පන්දමක් රඳවා එය දල්වා තබා තිබේ.

 

ප්ලාස්ටික් පුටුව ගිනිගෙන ඇය නිදා සිටි මෙට්ටයටද ගිනි ඇවිලි කාන්තාව පිළිස්සීමෙන් මියගොස් ඇති බව විමර්ශනයේදී අනාවරණය වී ඇත.

 

සිද්ධිය සම්බන්ධයෙන් අයගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට ලක්වූ ලාංකීය ධීවර යාත්‍රාව…

Mohamed Dilsad

පුස්සැල්ලාවේ මුද්‍රණාලයක් ගින්නකින් විනාශයි

Mohamed Dilsad

දහම් පාසල් අද සිට යළි ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment