දේශීය

සැමියාගේ පහරදීමෙන් බිරිඳ ඝාතනය වෙයි

පවුල් ආරවුලක් දුරදිග යෑමෙන් සැමියා විසින් පහර දී බිරිඳව ඝාතනය කර තිබේ.

 

ඊයේ (16) එම ඝාතනය සිදුව තිබුණේ චාවකච්චේරිය පොලිස් වසමේ නාවක්කුලිය ප්‍රදේශයේදීය.

 

පොලීසිය පැවසූවේ, වයස අවුරුදු 23ක් වූ අජන්තන් යමුනා නමැති මවක් එලෙස පහරකෑමෙන් ඝාතනය වී ඇති බවය.

 

ඝාතනය සම්බන්ධයෙන් මියගිය කාන්තාවගේ 25 හැවිරිදි ස්වාමිපුරුෂයා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

 

ස්වාමිපුරුෂයා පොලීසිය වෙත පවසා ඇත්තේ, බිරිඳ තම සහෝදරයෙකු සමඟ අනියම් සම්බන්ධයක් පවත්වන බවට වූ ආරංචියක් හේතුවෙන් තමන් බිරිඳට පහරදුන් බවය.

 

බිරිඳ මියගිය බව තමන් නොදනා බවද ස්වාමිපුරුෂයා පොලීසියට පවසා ඇත.

 

මියගිය කාන්තාවගේ මළ සිරුර මහෙස්ත්‍රාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව, පශ්චාත් මරණ පරීක්ෂණ වෙනුවෙන් යාපනය රෝහල් මෘත ශරීරාගාරයට යොමුකොට තිබේ.

 

සිද්ධිය සම්බන්ධයෙන් චාවකච්චේරිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

Related posts

මනූෂගෙන් දෝස්මුරයක්

Mohamed Dilsad

පාර්ලිමේන්තුව රැස්වෙයි

Mohamed Dilsad

ඉන්දීය කුල භේදය අමෙරිකාවටත් වදයක් වෙයි – අලුත් නීතියකුත් සම්මත කෙරෙයි

Mohamed Dilsad

Leave a Comment