දේශීය

සැමියාගේ පහරදීමෙන් බිරිඳ ඝාතනය වෙයි

පවුල් ආරවුලක් දුරදිග යෑමෙන් සැමියා විසින් පහර දී බිරිඳව ඝාතනය කර තිබේ.

 

ඊයේ (16) එම ඝාතනය සිදුව තිබුණේ චාවකච්චේරිය පොලිස් වසමේ නාවක්කුලිය ප්‍රදේශයේදීය.

 

පොලීසිය පැවසූවේ, වයස අවුරුදු 23ක් වූ අජන්තන් යමුනා නමැති මවක් එලෙස පහරකෑමෙන් ඝාතනය වී ඇති බවය.

 

ඝාතනය සම්බන්ධයෙන් මියගිය කාන්තාවගේ 25 හැවිරිදි ස්වාමිපුරුෂයා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

 

ස්වාමිපුරුෂයා පොලීසිය වෙත පවසා ඇත්තේ, බිරිඳ තම සහෝදරයෙකු සමඟ අනියම් සම්බන්ධයක් පවත්වන බවට වූ ආරංචියක් හේතුවෙන් තමන් බිරිඳට පහරදුන් බවය.

 

බිරිඳ මියගිය බව තමන් නොදනා බවද ස්වාමිපුරුෂයා පොලීසියට පවසා ඇත.

 

මියගිය කාන්තාවගේ මළ සිරුර මහෙස්ත්‍රාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව, පශ්චාත් මරණ පරීක්ෂණ වෙනුවෙන් යාපනය රෝහල් මෘත ශරීරාගාරයට යොමුකොට තිබේ.

 

සිද්ධිය සම්බන්ධයෙන් චාවකච්චේරිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

Related posts

ලෙබනනයේ ප්‍රහාරයෙන් ශ්‍රී ලාංකිකයන් 8 කට තුවාල

Mohamed Dilsad

වැලිකඩ රැඳවියන් යළිත් වහළයට නගියි

Mohamed Dilsad

අති විශේෂ ගැසට් නිවේදනයක්

Mohamed Dilsad

Leave a Comment