දේශීය

ඉන්දීය කුල භේදය අමෙරිකාවටත් වදයක් වෙයි – අලුත් නීතියකුත් සම්මත කෙරෙයි

ඉන්දීය හින්දු භක්තිකයින් ලොව පුරා විවිධ රටවල ජීවත් වෙයි.

 

අමෙරිකාව, එක්සත් රාජධානිය, ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය ඉන් ප්‍රමුඛය.

 

විදෙස් රටවල ජීවත් වුවද ඉන්දියානුවන් අතර ඇති කුල භේදය එම රටවල සමාජ පැවැත්මටද කරදරයක් වී ඇති බවට සාක්ෂි එමටය.

 

එවන් පසුබිමක අමෙරිකාවේ සියැටල් නගර බලධාරීන් අලුත් නීතියක් සම්මත කර තිබේ.

 

ඒ කුලය අනුව යමෙකුට පහත්කොට සැලකීම තහනම් කරමිනි. එම නගරයේ කවුන්සිලය ඊට අදාළ නීති සම්මත කර තිබුණි.

 

විදෙස් මාධ්‍ය පවසන්නේ “දකුණු ආසියානු ඩයස්පෝරාව” සැලකිල්ලට ගැනීමේදී මෙය සුවිශේෂී තීරණයක් බවය.

 

එහි ඉන්දීය විශේෂයෙන්ම හින්දු භක්තිකයින් සැලකිය යුතු පිරිසක් ජීවත් වෙති.

 

මෙම නීතිය මගින් සමාජ බෙදීම් අඩුවෙතැයි අනුමාන කෙරේ.

Related posts

කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 183 දක්වා ඉහළට

Mohamed Dilsad

රාජගිරිය – බුත්ගමුව ප්‍රදේශයේ ගින්නක් [VIDEO]

Mohamed Dilsad

බෝවන රෝග දෙකක් තුරන් කල පළමු රටක් බවට ලංකාව පත්වෙයි

Mohamed Dilsad

Leave a Comment