Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

ශ්‍රී ලංකා සංචාරය ගැන මෝදිගෙන් පණිවිඩයක්

මේ සතියේ සිදුවන ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ගේ තායිලන්ත සහ ශ්‍රී ලංකා සංචාරය සඳහා පිටත්වීමේ නිවේදනයක් නිකුත් කර තිබේ. 6 වන බිම්ස්ටෙක් සමුළුවට සහභාගී වීම සඳහා තායිලන්තය බලා අද (03) දිනයේ පිටත් වන මෝදි මහතා අප්‍රේල් 04 – 06 දින වල ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට නියමිතය.

එම නිවේදනයේ මෙසේ ද දැක්වේ. “මා තායිලන්තයේ සිට අප්‍රේල් 04-06 දක්වා දෙදින සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පිටත් වනු ඇත. මෙම සංචාරය ජනාධිපති දිසානායක මැතිතුමා විසින් පසුගිය දෙසැම්බර් මාසයේදී සිදු කළ අති සාර්ථක ඉන්දීය සංචාරයෙන් අනතුරුව සිදු වේ. “පොදු අනාගතයක් උදෙසා හවුල්කාරිත්වයන් ප්‍රවර්ධනය කරමින්” යන ඒකාබද්ධ දැක්ම සම්බන්ධයෙන් වන ප්‍රගතිය සමාලෝචනය කිරීමට සහ අපගේ හවුල් අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා තවදුරටත් මඟපෙන්වීම ලබාදීමට අපට අවස්ථාව හිමි වනු ඇත. මෙම සංචාරයන් අතීතයේ පදනම් මත ඉදිරියට ගොඩනැගීමටත් අපගේ ජනතාවගේ සහ පුළුල් කලාපයේ සුබ සිද්ධිය උදෙසා අපගේ සමීප සබඳතා ශක්තිමත් කිරීමටත් දායක වනු ඇති බව මට විශ්වාසයි.”

Related posts

ஜனாதிபதிக்கும் உப ஜனாதிபதிக்கும் இடையில் சந்திப்பு

Mohamed Dilsad

A new controlled price on local rice – says Min. Rishad

Mohamed Dilsad

புகையிரத போக்குவரத்து சேவைகளில் தொடர்ந்தும் தாமதம்

Mohamed Dilsad

Leave a Comment