දේශීය

වැඩකරන විරුවාගේ දිනය අදයි

(UTV | කොළඹ) – ලෝක කම්කරු දිනය හෙවත් මැයි දිනය අදට (01) යෙදී තිබේ.   

1886 වසරේ මැයි පළමු වනදා අමෙරිකානු කම්කරුවන් පිරිසක් තම වැඩ මුරය පැය 8 කට සීමා කරන ලෙස ඉල්ලා චිකාගෝ නුවරදී පැවැත්වූ විරෝධතාවකට එල්ලවූ ප්‍රහාරය මුල් කරගෙනයි ලෝක කම්කරු දින සැමරුම ආරම්භ වූයේ.

එම වැඩවර්ජනය දින 3 ක් පැවති අතර ඊට එල්ලවූ පොලිස් ප්‍රහාරයකින් කම්කරුවන් 4 දෙනකු මිය ගොස් තිබුණි.

පසුව එය ගැටුමක් දක්වා වර්ධනයවී පොලිස් නිලධාරීන් 6 දෙනකුද මිය ගිය අතර වර්ජනයට මුල්වූ වෘත්තීය සමිති නායකයින්ට සිර දඩුවම් නියම කිරීමට පියවර ගෙන ඇත.

එය සිහිකරමින් 1889 වසරේ දී ජාත්‍යන්තර කම්කරු සංවිධානය තීරණය කළේ සෑම වසරකම මැයි පළමුවනදා ලෝක කම්කරු දිනය සැමරීමටයි.

කෙසේ වෙතත් මේ වනවිට ලෝකයම වෙලාගෙන ඇති කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් මෙවර මැයි දිනය සැමරුම් සිදුකිරීමට බොහොමයක් රටවල් පියවර නොගන්නා බවයි වාර්තා වන්නේ.

එමෙන්ම කොවිඩ් 19 වසංගතයේ ව්‍යාප්තියත් හේතුවෙන් මෙරට ලෝක මැයි දින සැමරුම් පෙළපාලි සහ රැළි ද අවලංගු කිරීමට ප්‍රධාන දේශපාලන පක්ෂ පියවර ගනු ලැබීය.

 

 

Related posts

රෝග ලක්ෂණ සඟවා ප්‍රතිකාර ප්‍රතික්ෂේප කරන්න එපා

Mohamed Dilsad

කතරගම කිරිවෙහෙර විහාරාධිපති හිමියෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වඩිති.

Editor O

කොරෝනා ආසාදිත සමස්ථ නාවික සෙබලුන් ගණන 180 ක්

Mohamed Dilsad

Leave a Comment