දේශීය

රෝග ලක්ෂණ සඟවා ප්‍රතිකාර ප්‍රතික්ෂේප කරන්න එපා

(UTV |කොළඹ) – ගම්පහ දිස්ත්‍රික්කයේ  ඇතැම් කොවිඩ් ආසාදිතයන් රෝහල් වෙත රැගෙන යාමට නිවෙස් වෙත ගිලන් රථ යොමු කළද ඔවුන් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යෑම ප්‍රතික්ෂේප කර ඇති බව සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ඇය සඳහන් කර ඇත්තේ රෝගීන් හඳුනාගැනීම සඳහා PCR පරික්ෂණ නිරන්තරයෙන් සිදුකරන බවයි.

මේ නිසා ආසාදිතයන් ලෙස තහවුරු වූ පිරිස් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත රැගෙන යාමට සෞඛ්‍ය අමාත්‍යාශය විසින් ඔවුන්ගේ නිවෙස් වෙත ගිලන් රථ සේවා ලබාදීමටද පියවර ගෙන ඇත.

මෙලෙස නිවෙස් වෙත යොමු කරනු ලබන ගිලන් රථ මගින් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යෑමට පියවර ගන්නා ලෙස ද සෞඛ්‍ය අමාත්‍යවරිය රෝගී ජනතාවගෙන් ඉල්ලීමක් කළාය.

ප්‍රතිකාර සේවා සඳහා යොමු නොවී මගහැර සිටීම නිරෝධායන පනත යටතේ වරදක් බැවින් එසේ සිදුකරන අයට එරෙහිව නීතිමය පියවර ගැනීමට නියමිතය.

එමෙන්ම උණ ඇතුළු කොරෝනා රෝග ලක්ෂණ පවතී නම් වහාම ළඟම පිහිටි රෝහලට ගොස් අවශ්‍ය වෛද්‍ය උපදෙස් ලබා ගන්නා ලෙස රජය ජනතාවට දැනුම් දෙයි.

එසේම නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසන්නේ කොවිඞ් රෝගී පුද්ගලයින් කිසියම් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් සැගවීමට උත්සාහ කරන්නේ නම්, ඔවුන්ගේ නිශ්චල හෝ චංචල දේපල ද නිරෝධායන හා රෝග වැළැක්වීමේ ආඥා පනත යටතේ තහනමට ලක් කිරීමේ හැකියාවක් පවතින බවයි.

Related posts

උසස් පෙළ විභාගය සඳහා විශේෂ ප්‍රවාහන සැලැස්මක්

Mohamed Dilsad

දිස්ත්‍රික්ක 5 ක් සඳහා පැනවූ නායයාමේ අනතුරු ඇඟවීම් තවදුරටත්

Mohamed Dilsad

පුනනර්ජනනීය බලශක්ති සැපයුම්කරුවන් සඳහා ගෙවන ගාස්තු අඩු කිරීමට ආණ්ඩුවේ අවධානය.

Editor O

Leave a Comment