දේශීය

දිස්ත්‍රික්ක 5 ක් සඳහා පැනවූ නායයාමේ අනතුරු ඇඟවීම් තවදුරටත්

(UTV | කොළඹ) – දිස්ත්‍රික්ක 5 කට පැනවූ නායයාමේ අනතුරු ඇගවීම් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දීර්ඝ කර තිබේ.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ රත්නපුරය, කෑගල්ල, නුවරඑළිය, ගාල්ල සහ කළුතර දිස්ත්‍රික්කවලට අද පස්වරු 2.00 සිට හෙට පස්වරු 2.00 දක්වා මෙම අනතුරු ඇඟවීම් බලපැවැත්වෙන බවයි.

එමෙන්ම,  නායයාමක පූර්ව ලක්ෂණ දක්නට ලැබෙන්නේ නම් එම ප්‍රදේශවලින් වහාම ඉවත්වන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය  ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Related posts

මෙරට PCR පරීක්ෂණ 91,000 ඉක්මවයි

Mohamed Dilsad

මුදල් ඇමති ධූරය සම්බන්ධයෙන් මංගල පරීක්ෂණයක් ඉල්ලයි

Mohamed Dilsad

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ට නව නිලධාරීන් පත් වෙති.

Editor O

Leave a Comment