Trending Newsඑසැන පුවත්දේශීය

පුනනර්ජනනීය බලශක්ති සැපයුම්කරුවන් සඳහා ගෙවන ගාස්තු අඩු කිරීමට ආණ්ඩුවේ අවධානය.

සියලුම පුනර්ජනනීය බලශක්ති මත පදනම්ව, ජාතික පද්ධතියට ඒක් කරන විදුලි සැපයුම් සඳහා මණ්ඩලෙයන් ගෙවන ගාස්තු අඩු කිරීමේ යෝජනාවක් කැබිනටි මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත සති අන්ත ඉංග්‍රීසි පුවත්පතක් වාර්තා කරයි.

මෙම යෝජනාව අනුමත වුවහොත්, සූර්ය පැනල, කුඩා ජල විදුලි, සුළං, ජෛව ස්කන්ධ සහ නාගරික ඝන අපද්‍රව්‍ය කොන්ත්‍රාත් යටතේ ජනනය කරන සෑම විඳුලි ඒකකයක් සඳහාම ගෙවන මිල සැලකිය යුතු ලෙස අඩු කිරීමට ලංකා විදුලිබල මණ්ඩලයට හැකියාව ලැබෙනු ඇතැයි පැවැසෙයි.

පළමු වතාවට, බැටරි බලශක්ති ගබඩා පද්ධති සහිත වහල මත සූර්ය පැනල සහ සූර්ය කෝෂ පද්ධති සඳහා ද ගාස්තුවක් යෝජනා කර ඇත.

කෙසේ නමුත්, මෙම වෙනස්කම් මීට පෙර පුනර්ජනනීය බලශක්ති අංශයේ දැඩි විරුද්ධත්වයට ලක් වූ බව ද පැවැසෙයි. පෙර කොන්ත්‍රාත්තු වලට අදාළ ගිවිසුම්වලට අනුකුලව පෙර පැවැති ගාස්තු යටතේම ගෙවීම සිදුවනු ඇතැයි වාර්තා වේ.

කිලෝ වොට් 500 දක්වා විදුලි සැපයුම් සිදු කරන, වහල මත සූර්ය පැනල ස්ථාපිත කළ සූර්ය පැනල හිමිකරුවන්ට, ඒකකයකට රුපියල් 37 ක් හිමිවන අතර, 2024 ජූලි මස හෝ පසුව (ගාස්තු අවසන් වරට සංශෝධනය කළ විට) ගිවිසුම් අත්සන් කළ සූර්ය පැනල හිමිකරුවන්ට හිමිවන්නේ රුපියල් 27.06 කි. නව යෝජනාව කිලෝවොට් 20 දක්වා වහල මත සූර්ය පැනල සඳහා ඒකකයක මිල රුපියල් 19.61 දක්වා පහතවැටෙනු ඇතැයි ද පැවැසෙයි.

කිලෝවොට් 20 ට වැඩි සහ කිලෝවොට් 100 දක්වා ඒකකයක මිල රුපියල් 17.46 දක්වා පහත වැටෙනු ඇති අතර, කිලෝවොට 100 ට වැඩි සහ කිලෝවොට් 500 දක්වා ඒකකයක මිල රුපියල් 15.49 දක්වා පහතවැටෙනු ඇති බව ද පැවැසෙයි.

කිලෝවොට් 500 ට වැඩි සහ මෙගාවොට් 1 ට අඩු ඒකකයක මිල රුපියල් 15.07 දක්වා පහත වැටෙනු ඇත. එමෙන්ම මෙගාවොට් 1 සහ ඊට වැඩි ඒකකයක මිල රුපියල් 14.46 දක්වා පහත වැටෙනු ඇති බව ද බලධාරීහු පෙන්වා දෙති

Related posts

ආණ්ඩුවේ අයගේ පැන්ඩෝරා පත්‍රිකා තොරතුරු ලබන සතියේ හෙළි කරනවා – හිටපු ඇමති ගාමිණී ලොකුගේ

Editor O

Sri Lanka assumes the Presidency of the Conference on Disarmament

Mohamed Dilsad

11 இளைஞர்கள் கடத்தப்பட்டு காணாமல் ஆக்கப்பட்ட வழக்கின் சந்தேக நபர்களின் விளக்கமறியல் காலம் நீடிப்பு

Mohamed Dilsad

Leave a Comment