ක්‍රීඩා

2019 ලෝක කුසලාන තරගාවලිය අහිමි වන රට?

(UTV| කොළඹ) – 2019 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියෙන් පාකිස්ථානය ඉවත් කිරිමට හෝ එසේ නොමැති නම් ඉන්දීය කණ්ඩායම තරගාවලියෙන් ඉවත් කර ගැනිම සම්බන්ධයෙන් අවධානය යොමු වෙයි.

ඒ අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධානියාගෙන් ඉල්ලීමක් කිරිමට අදාළව ලිපියක් ඉන්දීය ක්‍රීකට් පාලක මණ්ඩලය විසින් සකසා තිබීම හේතුවෙන් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණ පත් කළ කමීටුවකින් කළ නිර්දේශ අනුව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරී විසින් අදාළ ලිපිය සකසා ඇති බවත් පැවසේ.

එසේම මෙම ලිපිය අයි.සී.සී ප්‍රධානියා වෙත යැවීම පිළිබඳව අවසන් තීරණය අද (22) දිනයේ ගැනිමට නියමීත බවත් කියැවේ.

පසුගියදා කාශ්මීරයේදි ඉන්දීය හමුදා සමාජීකයින් කණ්ඩායමකට එල්ලවු මරාගෙන මැරෙන තස්ත්‍ර ප්‍රහාරයක් හේතුවෙන් ඉන්දීයාව හා පාකිස්ථානය අතර නිර්මාණය වී ඇති අර්බුදකාරී තත්වය මෙවැනි ලිපියක් සැකසීමට හේතු වී ඇති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සාර්ක් පළමු රන් පදක්කම ටයිකොන්ඩෝ ඉසව්වෙන්

Mohamed Dilsad

ඉන්දියාවට ලකුණු 273ක ඉලක්කයක්

Mohamed Dilsad

ජාත්‍යන්තර තරඟ වල වටිනාකම ක්‍රීඩකයන් වටහා ගත යුතුයි – මාලිංග

Mohamed Dilsad

Leave a Comment