දේශීය

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹේ

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කර තිබේ.

 

පාර්ලිමේන්තුව අද (08) සිට ලබන 11 වනදා දක්වා රැස්වීමට නියමිතව ඇත.

 

වසර මැද මූල්‍ය තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාව පිළිබඳ සභාව කල්තැබීමේ විවාදය අද පැවැත්වෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

 

මේ අතර, ඔට්ටු ඇල්ලීම සහ සූදු බදු සංශෝධන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම, ධීවර සහ ජලජ සම්පත් පනත යටතේ නියෝග හෙට (09) විවාදයට ගැනීමට නියමිත බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

 

හෙට පස්වරුවේ පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක් වන ශ්‍රී ලංකා බදුකරණ කාර්යායතනය සංස්ථාගත කිරීමේ සංශෝධන පනත් කෙටුම්පත සලකා බැලීමට ද තීරණය කර තිබේ.

 

 

Related posts

බන්ධනාගාර රැඳවියන් 2961ක් ඇප මත මුදා හැරෙයි

Mohamed Dilsad

සරසවි සිසුවියගේ ඝාතනයට හේතුව හෙළිවෙයි

Mohamed Dilsad

මේ වසරේ පළමු මාස 06 ට අල්ලස් කොමිෂම ට පැමිණිලි 3000ක්

Editor O

Leave a Comment