දේශීය

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹේ

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කර තිබේ.

 

පාර්ලිමේන්තුව අද (08) සිට ලබන 11 වනදා දක්වා රැස්වීමට නියමිතව ඇත.

 

වසර මැද මූල්‍ය තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාව පිළිබඳ සභාව කල්තැබීමේ විවාදය අද පැවැත්වෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

 

මේ අතර, ඔට්ටු ඇල්ලීම සහ සූදු බදු සංශෝධන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම, ධීවර සහ ජලජ සම්පත් පනත යටතේ නියෝග හෙට (09) විවාදයට ගැනීමට නියමිත බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

 

හෙට පස්වරුවේ පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක් වන ශ්‍රී ලංකා බදුකරණ කාර්යායතනය සංස්ථාගත කිරීමේ සංශෝධන පනත් කෙටුම්පත සලකා බැලීමට ද තීරණය කර තිබේ.

 

 

Related posts

ඩොලරය රුපියල් 265ට යයි

Mohamed Dilsad

ඉන්ධන මිල වෙනසක් නැහැ. – ඛණිජ තෙල් සංස්ථාව

Editor O

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් අද විශේෂ හමුවක්

Mohamed Dilsad

Leave a Comment