දේශීය

අමාත්‍ය ධුර ලබාගත් ශ්‍රීලනිපයේ අයට කුමක් වෙයිද ?

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වී තිබේ.

 

ඊයේ (05) පස්වරුවේ පැවති එම මධ්‍යම කාරක සභාවේදී රජයේ අමාත්‍ය ධුර ලබාගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයින් සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කළ බව පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේය.

 

“රජයට එකතු වී සිටන මන්ත්‍රීවරුන් 9 දෙනෙක් සිටිනවා අපේ. ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කළා. ඒ නිසා රජයට එකතු වී සිටින අය සම්බන්ධයෙන් ඒකමතික තීරණයක් ගත්තා මොන විදියට ද අපි කටයුතු කළ යුත්තේ කියලා. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදියට අපි බොහෝම කාර්යක්ෂමව වේගවත්ව ඉදිරියට යනවා. මේ කාල සීමාව තුළ අපි දකින්දේ මේ යුගයට ගැලපෙන ප්‍රධාන දේශපාලන පක්ෂ්‍ය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියලයි.”

 

එහිදී අදහස් පළකළ පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා පැවසුවේ නව ව්‍යවස්ථාව යටතේ ආණ්ඩුවට සම්බන්ධ වූ මන්ත්‍රීවරුන් පිළිබඳ ගත් තීරණය යළි සමාලෝචනය කරන බවය.

 

“ජනාධිපතිතුමා විසින් ලියුමක් ඉදිරිපත් කළා මධ්‍යම කාරක සභාවට. එතුමා අපේ පක්ෂ සාමාජිකත්වය අත්හිටවනු ලැබු අමාත්‍ය ධුර ගත් අයගෙන්, ඒ අයගේ ව්‍යවස්ථාව වෙනස් කරාට පස්සේ, අලුත් ව්‍යවස්ථාව ප්‍රකාරව ගත්ත තීන්දුවට. ඒ අයව අත්හිටුවන්න එපා කියලා. එහෙම නැතුව එතුමා ඉදිරියේ දී ඒ අයට විනය පරීක්ෂණ අත්හිටුවන්න කියලා ලියුමක් නිකුත් කරන්න කියලා ඉල්ලීමක් කරා. එහෙම නැත්නම් දැනුවත් කළා. ඒකට විරුද්ධතාවයක් කවුරුත් පළ කළේ නෑ…”

Related posts

මාලිමා ආණ්ඩුවේ බොරුකාරයෝ ගැන හොයන්න තොරතුරු පනතට වැඩ වැඩිවෙයි.

Editor O

තවත් කොවිඩ් මරණ 4ක්

Mohamed Dilsad

වාද්දුවේ සාදයක් වටලා මත්ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවන් 12ක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment