Trending Newsඑසැන පුවත්දේශීය

මාලිමා ආණ්ඩුවේ බොරුකාරයෝ ගැන හොයන්න තොරතුරු පනතට වැඩ වැඩිවෙයි.

රජයේ මැති ඇමැතිවරු පස් දෙනකුගේ ආචාර්ය උපාධි ඇතුළු අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ ගණනාවක් ප්‍රබල ලෙස සැක මතු කර ඇති බව වාර්තා වේ.

නාගරික සංවර්ධන ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය අනුර කරුණාතිලක මහතාගේ ආචාර්ය උපාධිය හා බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතාගේ ඉංජිනේරු උපාධිය ඇතුළු කිහිපදෙනෙකුගේ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් ප්‍රශ්න මතුවී තිබේ.

එසේම ඔවුන්ගේ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීමේ පනත යටතේ තොරතුරු ලබා ගැනීමට ද එම දේශපාලන පක්ෂ මේ දිනවල කටයුතු කරමින් සිටී.

මේ අතර ජාතික ජන බලවේගයේ සමහර මන්ත්‍රීවරුන් සිය ෆේස්බුක්වල සටහන් කර තිබූ යම් යම් අධ්‍යාපන සුදුසුකම් හදිසියේම ඉවත් කරගෙන ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් පැවැසේ.

කෙසේ වෙතත් එම ෆේස්බුක් ගිණුම්වල අතීත සිදුවීම් කොටස පරීක්ෂා කිරීමේදී එම ඉවත් කිරීම් මෙයට දින කිහිපයකට පෙර කර ඇති බව පැහැදිලි වන්නේ යැයි විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් පැවැසීය.

සමහර මන්ත්‍රීවරුන් මෙම අධ්‍යාපන සුදුසුකම් මහ මැතිවරණයේ ප්‍රචාරක පත්‍රිකාවල බැනර් සහ පෝස්ටර් වල පැහැදිලිවම සඳහන් කර තිබූ බව විපක්ෂයේ දේශපාලන පක්ෂ චෝදනා කරයි.

Related posts

ලිට්‍රෝ සමාගම ගෑස් මිල ගැන තීරණයක් ගනී

Mohamed Dilsad

Claims against uniform vouchers false- Akila Viraj Kariyawasam

Mohamed Dilsad

යසන්ත කෝදාගොඩ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ධුරයට

Mohamed Dilsad

Leave a Comment