Trending Newsඑසැන පුවත්දේශීය

නියෝජ්‍ය කතානායක රිස්වි සාලි ගැන වෛද්‍ය සභාවට පැමිණිල්ලක්

නියෝජ්‍ය කතානායක විශේෂඥ වෛද්‍ය රිස්වි සාලි මහතා සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා සඳහන් කරයි.

රිස්වි සාලි මහතා විශේෂඥ වෛද්‍යවරයෙක් යැයි පවසමින් පාර්ලිමේන්තු පැමිණ දැන් සාමාන්‍ය වෛද්‍යවරයෙක් පමණක් යැයි පවසන බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය. මේ සම්බන්ධයෙන් වැඩි තොරතුරු දැන ගැනීමට එම පැමිණිල්ල කරන බව පැවසූ ඔහු අනතුරුව මැතිවරණ කොමිෂන් සභාවටද පැමිණි කරන බවත් සදහන් කලේය. නියෝජ්‍ය කතානායකවරයාගේ මන්ත්‍රී ධූරය අහෝසි කළ යුතු බවත් මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා පැවසීය.

ආචාර්යය අශෝක රන්වල මහතා පමණක් නොව ජාතික ජන බලවේගයෙන් තේරී පත් වූ බොහෝ දෙනකුගේ ආචාර්ය, නීතිඥ, වෛද්‍ය පදවි බොහෝමයක් සාවද්‍යයි යැයි තොරතුරු ලැබෙමින් පවතින බවද හෙතෙම තවදුරටත් එහිදී පැවසුවේය.

Related posts

Gotabhaya arrived at Presidential Commission

Mohamed Dilsad

Increased migrations a concern- President

Mohamed Dilsad

Navy apprehends 3 smugglers with 2.6kg of gold

Mohamed Dilsad

Leave a Comment