Trending Newsඑසැන පුවත්කලාදේශීයවිදෙස්

ලොව විශිෂ්ඨතම තබ්ලා හඬක් නිහඬ වෙයි.

ලොව විශිෂ්ඨතම තබ්ලා වාදකයෙකු වන, ඉන්දීය කලාකරු සාකීර් හුසේන් ජීවිතක්ෂයට පත්ව තිබේ. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 73 කි. ඔහුගේ පවුලේ පිරිස් ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණේ, සැන් ෆ්‍රැන්සිස්කෝ හි රෝහලකදී අවසන් ගමන් ගිය සාකීර් හුසේන්ගේ මරණයට හේතුව පෙනහළු රෝගයක් වන බවයි.

සිව් වතාවක් ග්‍රැමී සම්මානය දිනූ, සාකීර් හුසේන් ඉන්දියානු සම්භාව්‍ය සංගීතයේ සුවිශේෂී සලකුණකි. ඉන්දියාවේ දෙවන ඉහළම සිවිල් සම්මානය වන පද්ම විභූෂන සම්මානයෙන් ද ඔහු පිදුම් ලබා ඇත. සාකීර් හුසේන්ගේ පියා, තබ්ලා විශාරද උස්තාද් අල්ලා රඛා ඛාන් ය. ඉන්දීය වාර්තාවන්ට අනුව, සාකීර් හුසේන් සිය පළමු ප්‍රසංගය පවත්වා ඇත්තේ වයස අවුරුදු හතේදී යි.

Related posts

Avengers Infinity War பார்த்தவர் மாரடைப்பால் மரணம்

Mohamed Dilsad

Maha Sangha requests resigned Muslim Ministers to take up duties again

Mohamed Dilsad

“சஹ்ரானை வாழ்நாளில் சந்தித்ததேயில்லை – ஐஎஸ் அமைப்பை அரசு இல்லாதொழிக்க வேண்டும்” – தெரிவுக்குழு முன் ரிஷாட்

Mohamed Dilsad

Leave a Comment