Trending Newsඑසැන පුවත්දේශීය

පාර්ලිමේන්තු වෙබ් අඩවියට එරෙහිව අධිකරණ ඇමතිගෙන් පැමිණිල්ලක්

පාර්ලිමේන්තුවේ වෙබ් අඩවියට, තමා සම්බන්දයෙන් ව්‍යාජ දත්ත ඇතුළත් කර තිබීම සම්බන්ධයෙන් අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා අද (16) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

යම් අයෙක් තමාව අපකීර්තියට පත්කිරීමට හෝ තම දේශපාලනය කෙරෙහි ඇති විශ්වාසය බිඳදැමීමේ අරමුණින් ව්‍යාජ දත්ත ඇතුළත් කිරීමක් කළා දැයි සැකයක් ඇති බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

පාර්ලිමේන්තු නිල වෙබ් අඩවියේ “ආචාර්ය හර්ෂණ නානායක්කාර” යනුවෙන් පළ කර තිබී පසුව අමාත්‍යවරයා සිදුකළ පැමිණිල්ලක් මත එය නිවැරදි කිරීමත් සමග පසුගිය දා මහත් ආන්දෝලනයක් හට ගත්තේය.

පසුව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය විසින් දත්ත ඇතුළත් කිරීමේ දී සිදුවු වැරදීමක් ලෙස දක්වමින් තමාට ලිපියක් එවා ඇතැයි ද අධිකරණ අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

“මම අවුරුදු 25ක නීති කේෂ්ත්‍රයේ යෙදී සිටින නීතිඥවරයෙක්. මම කවදාවත් මගේ නම ඉදිරියෙන් ආචාර්ය කියලා සඳහන් කරලා නෑ. විසිටින් කාඩ් එකක්වත් ගහලා නෑ. මම පුරවපු ජීවදත්ත තොරතුරු පත්‍රිකාවෙත් මම පැහැදිලිව එය නිවැරදි කරලා තිබුණා. ආචාර්ය පදවියක් තිබුණේ නෑ. කොහෙන්ද මේක එන්නේ. සියල්ල සමස්තයක් ලෙස අරන් බලද්දි ඕනෑම කෙනෙකුට සැකයක් මතුවෙනවා මාව අපකීර්තියට පත්කරන්න එහෙම නැත්නම් මගේ දේශපාලනය ගැන තියෙන විශ්වාසය බිඳදැමීමට ව්‍යාජ දත්ත ඇතුළත් කරාදැයි සාධාරණ සැකයක් ඕන කෙනෙක් මතුවෙනවා.” යැයි ද කීවේය.

Related posts

Fire erupts in a factory in Aerawwala

Mohamed Dilsad

රුපියල අද දිනයේදී කැපී පෙනෙන ලෙස වර්ධනයක් පෙන්නුම් කරයි

Mohamed Dilsad

நாட்டின் சில பிரதேசங்களில் மழையுடன் கூடிய காலநிலை

Mohamed Dilsad

Leave a Comment