Trending Newsඑසැන පුවත්දේශීය

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති තනතුර ගැන හිටපු ජනාධිපති මෛත්‍රීපාලගෙන් ප්‍රකාශයක්

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව ගොනු කර තිබූ පෙත්සමක් අද (16) අභියාචනාධිකරණය හමුවේ සමථයකට පත්ව තිබේ. මෙම පෙත්සම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභිකයෙකු වන මොන්ටේගු සරත්චන්ද්‍ර විසින් ගොනුකර තිබිණ.

පෙත්සම අද (16) දිනයේ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්ධුල කරුණාරත්න සහ බී. ශෂී මහේන්ද්‍රන් යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවින.

පෙත්සම කැඳවූ අවස්ථාවේ දී වගඋත්තරකාර මෛත්‍රිපාල සිරිසේන මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න අධිකරණය හමුවේ පවසා සිටියේ, තම සේවාදායකයා මින් ඉදිරියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරය සඳහා ඉදිරිපත් නොවන බවටත් වත්මන් සභාපති නිමල් සිරිපාල ද සිල්වා සහ ලේකම්වරයා සම්බන්ධයෙන් ඔහු විරුද්ධත්වයක් නොදක්වන බවයි.

එබැවින් මෙම පෙත්සම සමථයකට පත් කිරීමට හැකියාව තිබෙන බව ජනාධිපති නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේය. ඒ, අවස්ථාවේ දී පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥ ශාන්ත ජයවර්ධන අධිකරණයට දන්වා සිටියේ සිය සේවාදාකයා ද ඊට එකඟ වන බවයි.

එම කරුණු සලකා බැලූ විනිසුරු මඬුල්ල පෙත්සම සමථයකට පත් කරමින් පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට පෙත්සම්කාර පාර්ශවයට අවසර ලබා දුන්නේය.

පෙත්සම්කාර මොන්ටේගු සරත්චන්ද්‍ර සිය පෙත්සම තුළින් අවධාරණය කර තිබුණේ, මෛත්‍රිපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබියදී ඔහු එම ධුරයේ කටයුතු කිරීම හරහා අධිකරණයට අපහාසයක් සිදුකර ඇති බවයි

Related posts

மலையக ரயில் போக்குவரத்து தாமதம்

Mohamed Dilsad

බම්බලපිටියේ ගොඩනැගිල්ලක් ගින්නක්

Mohamed Dilsad

ප්‍රසිද්ධියේ සමාව ගන්න සේපාල් සුදානම්

Mohamed Dilsad

Leave a Comment