Trending Newsඑසැන පුවත්දේශීය

ප්‍රධාන ජලාශ රැසක් පිටාර මට්ටමට

උතුරු, උතුරු මැද, නැගෙනහිර පළාත්වලට පසුගිය දිනවල ඇද හැළුණු අධික වර්ෂාව හමුවේ දිවයිනේ ප්‍රධාන සහ මධ්‍යම ජලාශ බොහෝ ප්‍රමාණයක වාන් දොරටු විවෘත කිරීමට මේ වන විට පියවර ගෙන ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව පවසන්නේ දිවයිනේ ප්‍රධාන ජලාශ 73න් 31ක් මේ වන විටත් වාන් දමමින් පවතින බවය.

දිවයිනේ ප්‍රධාන ජලාශවල ජල ධාරිතාව අනුව අම්පාර දිස්ත්‍රික්කයේ 72%ක්, අනුරාධපුර, හම්බන්තොට සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල 90%ක්, ගාල්ල, මහනුවර, පුත්තලම දිස්ත්‍රික්කවල 98%ක්, මොණරාගල, පොළොන්නරුව සහ මන්නාරම දිස්ත්‍රික්කවල 80%ක්, බදුල්ල දිස්ත්‍රික්කය 68%ක්, මඩකළපුව දිස්ත්‍රික්කය 63%ක්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ 76%ක්ද වශයෙන් සටහන් වන බව එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වේ. ඒ අනුව දිවයිනේ ප්‍රධාන ජලාශවල සමස්ත ජල ධාරිතාව 80.2% දක්වා ඉහළ නැග තිබේ.

දිවයිනේ වාන් දමන ජලාශ තවදුරටත් අඩු හෝ වැඩි වශයෙන් පවතින බැවින් මෙම වාන් ජලය නිකුත් කරන ජලාශ ආශ්‍රිත පහත් බිම්වල වෙසෙන ජනතාවට නිරන්තර ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන විසින් නිකුත් කරන නිවේදන සම්බන්ධව අවධානය යොමු කරන ලෙසත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි. 

Related posts

USS ‘Lake Erie’ departs from Colombo Harbour after post relief mission

Mohamed Dilsad

කළුතරට පැය 24ක් ජලය නැහැ

Mohamed Dilsad

American Congress delegation applauds unity government’s achievements

Mohamed Dilsad

Leave a Comment