දේශීය

යසන්ත කෝදාගොඩ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ධුරයට

(UTV | කොළඹ) – අභියාචනාධිකරණ සභාපති විනිසුරු ජනාධිපති නීතිඥ යසන්ත කෝඳාගොඩ මහතාව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ධුරයට නිර්දේශ කර තිබේ.

ඒ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු, ජනාධිපති නීතිඥ ප්‍රසන්න ජයවර්ධනගේ අභාවයෙන් පසු හිස් වූ ධුරය සඳහා වේ.

ආරංචි මාර්ග සඳහන් කළේ ජනාධිපතිවරයාගේ එම නිර්දේශය කථානායකවරයා වෙත යොමු කර ඇති බවයි.

ඒ අනුව ජනාධිපතිවරයාගේ නිර්දේශය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය සඳහා කථානායකවරයා වෙත යොමු කිරීමට නියමිතයි.

පසුගිය දෙසැම්බර් 24 වන දා පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනාධිපති නීතිඥ ප්‍රසන්න ජයවර්ධන  අභාවප්‍රාප්ත විය.

 

Related posts

ඊයේ මෙරටින් කොරෝනා ආසාදිතයන් 39 ක් හඳුනා ගැනේ

Mohamed Dilsad

ඉන්දීය සාග සමුළුවේ සමාරම්භක දේශනය ජනපතිගෙන්

Mohamed Dilsad

මඩකලපුව, වාකරේ ප්‍රදේශයෙන්  පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයාගනි

Editor O

Leave a Comment