දේශීය

තමන්ගේ තොරතුරු කාටවත් දෙන්න එපා -පොලිසිය

සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකළ මූල්‍ය වංචා සිදුවීම් රැසක් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා පවසයි.

 

ඔහු ප්‍රකාශ කළේ, සිය පෞද්ගලික තොරතුරු වෙනත් පාර්ශවයක් වෙත ලබාදීමේදී වඩා සැලකිලිමත් විය යුතු බවය.

 

“මහජනතාවට කියන්න ඕනේ, කිසිම අවස්ථාවක තමන්ගේ පුද්ගලික තොරතුරු විශේෂයෙන්ම ජාතික හැදුනුම්පත් අංකය, ගමන් බලපත්‍ර අංකය, රියදුරු බලපත්‍ර අංකය, මේ වායේ ඡායාපිටපත්, තමා පදිංචි ලිපිනය, පවුලේ තොරතුරු, ඒ වගේම ගිණුම් තොරතුරු, බැංකු ගිණුම් තොරතුරු, විශේෂයෙන්ම බැංකු ගිණුම් සඳහා එකවරක් ලැබෙන OPT අංකය වැනි තොරතුරු කිසිදු හේතුවක් නිසාවත් තමන් නොදන්නා පාර්ශවයක් වෙත ලබාදෙන්න එපා. ආකර්ෂණීය යෝජනාවලට රැවටෙන්න එපා. විවිධ යෝජනා එන්න පුළුවන්. මේවාට රැවටෙන්න එපා කියන දේ තමා අපිට මහජනතාවට කියන්න තියෙන්නේ ශ්‍රී ලංකා පොලීසිය විදියට. මෙවැනි වංචාකරුවන් සාමාජ මාධ්‍ය ඔස්සේ ඔබ වෙතට පැමිණෙන්න පුළුවන්. නමුත් නිත්‍යානුකූල ක්‍රම ඔස්සේ ගිහින් අපහසුතාවයන්ට පත්වෙන්න එපා. ඒ වගේම පුද්ගලයින් හඳුනන්නේ නැතුව මෙවැනි දේට යොමු වෙලා තමන් සතු දේපළ අහිමිකර ගන්න එපා…”

 

මේ අතර මෙම වසරේ ගතවූ කාලය තුළ වෙඩි තැබීමේ සිදුවීම් 27ක් සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා පවසයි.

 

කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු ප්‍රකාශ කළේ වෙඩිවැදීමෙන් පුද්ගලයින් 19 දෙනෙකු මියගොස් ඇති බවය.

 

“ඒ වගේම තුවාල ලබා තිබෙනවා 10දෙනෙක් වෙඩිතැබීමේ සිදුවීම් නිසා. මේ සියල්ල ගැන විමර්ශන සිදුකරනවා. ඒ වගේම ඒ සිදුවීම්වලින් යම් ප්‍රමාණයක් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමක් සිදුවෙලා තියෙනවා මේ වර්ෂය තුළ. ඒ වගේම මේ සිදුවීම් සඳහා සම්බන්ධ වෙච්ච වාහන සහ ගිනිඅවි අත්අඩංගුවට ගැනීමක් සිදුවෙලා තියෙනවා.”

Related posts

බහාලූම් 323 විමර්ශනයට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක්

Editor O

රුසියානුු මගී ගුවන් යානයක් අනතුර ට ලක්වෙයි

Editor O

දසවෙනි සභා වාරය ආරම්භක දිනය දා, පාර්ලිමේන්තු ආපන ශාලාවට සෝමාලියාවෙන් පැන්නා

Editor O

Leave a Comment