දේශීයප්‍රමුඛ පුවත 1

කොවිඩ් සමය තුළ බිඳ වැටුණු ව්‍යාපාර ගැන සොයයි

(UTV |කොළඹ)  – කොවිඩ් වසංගත කාලය තුළ බිඳවැටුණු ව්‍යාපාර සම්බන්ධයෙන් සොයාබැලීමට රජය තීරනය කරයි.

මේ සඳහා සමීක්ෂණයක් සිදුකිරීමට ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

කොවිඩ් නයින්ටීන් වසංගත ව්‍යාප්තියත් සමග අසීරුතාවන්ට මුහුණ දුන් ව්‍යාපාරිකයින්ට ඒ සම්බන්ධයෙන් දැනුම්දිය හැකි බව එම දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියේ සඳහන් කර ඇති අයදුම්පත්‍රයක් ඔන්ලයින් ක්‍රමය හරහා සම්පුර්ණ කල හැක.

කොවිඩ් නයින්ටීන් වසංගත ව්‍යාප්තිය හේතුවෙන් සිදුව ඇති ආර්ථික ගැටලු විසඳීම සඳහා දිගුකාලීන සැලසුම් හා ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ යුතු අතර ඒ සඳහා නිවැරදි දත්ත ලබා ගැනීමට අවශ්‍ය වන බැවින් අදාළ සමීක්ෂණය සිදු කරනු ලබයි.

 

Related posts

සියලු දහම් පාසල්වලටත් නිවාඩු

Mohamed Dilsad

මහවැලි ඉඩම් ලාභීන් වෙත ජනපති අතින් ඔප්පු

Mohamed Dilsad

අදත් විදුලිය කප්පාදුවක්

Mohamed Dilsad

Leave a Comment