දේශීය

මැතිවරණ කොමිසමෙන් දැනුම්දීමක්

(UTV | කොළඹ ) – ජාතික මැතිවරණ කොමිෂන් සභාව විසින් , මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තු වරම් නොලද අපේක්ෂකයින්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ලබන 06 වනදාට පෙර ලබා දෙන්නැයි දින නියම කර තිබේ.

අදාළ වත්කම් බැරකම් ප්‍රකාශ දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන්ට ලබා දිය යුතු බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව කොමිෂන් සභාව පැවසුවේය.

මේ අතර මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ සභිකයින්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ලබන 20 වනදාට පෙර ලබා දෙන්නැයි ජාතික මැතිවරණ කොමිෂන් සභාව සියලු සභිකයින්ට දැනුම් දෙයි.

මේ වනවිට මහ මැතිවරණයෙන් ජයගත් බොහෝ අපේක්ෂකයින් සිය වත්කම් බැරකම් ප්‍රකාශ ලබා දී ඇති බවට වාර්තා වන බව එම කොමිසම පැවසුවේය.

මෙතෙක් එම ප්‍රකාශ ලබා නොදුන් සෙසු සභිකයින්ට එම කටයුතු කඩිනම් කරන්නැයි දැනුම් දෙන බව ද ජාතික මැතිවරණ කොමිසම පැවසුවේය.

Related posts

හිනිදුම පොලිසියේ නිලධාරීන් 16ක් නිරෝධායනයට

Mohamed Dilsad

චීනය බලා විශේෂ ගුවන් යානයක්

Mohamed Dilsad

UPDATE : සිරිල් ගාමිණි පියතුමා CIDයෙන් කල් ඉල්ලයි

Mohamed Dilsad

Leave a Comment