Trending Newsඑසැන පුවත්දේශීය

කොහුවල රථවාහන ධාවනය සීමා කෙරේ.

(UTV | කොළඹ) –

කොහුවල ගුවන් පාලමේ ඉදිකිරීම් කටයුත්තක් හේතුවෙන් හොරණ කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතු හෙට සිට සීමා කෙරේ. මාස දෙක කාලයක් මෙසේ රථවාහන ධාවනය සීමා කර තිබෙනවා. මේ අනුව මෙම මාර්ගයේ රථවාහන ධාවනය අදාළ කාලසීමාව තුළදී පොදු ප්‍රවාහන සේවා සදහා පමණක් විවෘතව තබන බව පොලීසිය නිවේදනය කරනවා.

සෙසු වාහන සදහා ගමනාගමනය සීමාකර තිබේ. එමෙන්ම හොරණ කොළඹ ප්‍රධාන මාර්ගයේ කොහුවල මංසන්ධිය අසලින් ධාවනය කෙරෙන බරවාහන කොහුවල පාලම දෙසට ඇතුළු කිරීම සිදුනොකළ යුතු බවයි පොලීසිය දැනුම් දෙන්නේ. ඒ අනුව හැකිතාක් විකල්ප මාර්ග භාවිත කරන  ලෙස රියදුරන්ට දැනුම් දෙයි.

Related posts

Indian PM to visit Sri Lanka along with Maldives

Mohamed Dilsad

Sri Lanka acquires latest hi-tech to enrich graphene

Mohamed Dilsad

நாட்டின் பல பிரதேசங்களில் பண மோசடி செய்தவர் கைது

Mohamed Dilsad

Leave a Comment