දේශීය

ලක්ෂයක අල්ලසක් ගත් ගොවිජන සේවා නිලධාරීන් දෙදෙනෙක් අත්අඩංගුවට

රුපියල් ලක්ෂයක මුදලක් අල්ලස් ලෙස ලබාගත් අලවතුගොඩ ගොවිජන සේවා මධ්‍යස්ථානයේ නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

 

අලවතුගොඩ ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් සිදුකළ පැමිණිල්ලකට අනුව අල්ලස් ලබාගැනීමේ චෝදනාව මත සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහන් කළේය.

 

පැමිණිල්ල සිදුකළ අදාළ පුද්ගලයා දීර්ඝ කාලයක සිට නිවසක් සාදා භුක්ති විඳින මල්ගමන්දෙණිය ප්‍රදේශයේ පිහිටි කුඹුරු ඉඩමේ කොටස කුඹුරු ඉඩම් ලේඛනයෙන් ඉවත් කර එය ගොඩ ඉඩමක් ලෙස නම් කර ඒ සඳහා ඉඩම් සහතිකයක් නිකුත් කිරීමට සැකකරුවන්ගෙන් එම අල්ලස් මුදල ඉල්ලා ඇති බව වාර්තා වේ.

 

අල්ලස් මුදල ලබා ගන්නා අවස්ථාවේදී අලවතුගොඩ ගොවිජන සේවා මධ්‍යස්ථානයේ කෘෂිකර්ම පර්යේෂණ සහ නිෂ්පාදන සහකාරවරයෙකු සහ ගොවිජන සංවර්ධන ප්‍රාදේශීය නිලධාරියෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

 

සැකකරුවන් මාතලේ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහන් කළේය.

Related posts

මුඛ ආවරණ පිලිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිවේදනයක්

Mohamed Dilsad

රට පුරා විදුලිය බිඳවැටීම් 29,000ත්

Editor O

සත්ත්ව සුබසාධන පනත් කෙටුම්පතක්

Mohamed Dilsad

Leave a Comment