දේශීය

මෙරටට ඒමට නොහැකිව ශ්‍රී ලාංකික සිසුන් 70 ක් පිලිපීනයේ කොටුවෙයි

(UTV | කොළඹ) –  පිලිපීනයේ වර්ජින් මිලාග්‍රෝසා විශ්වවිද්‍යාලයේ (Virgen Milagrosa University)ඉගෙනුම ලබන ශ්‍රී ලාංකික වෛද්‍ය සිසු සිසුවියෝ 70 දෙනකු එරට සීඝ්‍රයෙන් පැතිර යන කොරෝනා වෛරසය හේතුවෙන් දැඩි අපහසුතාවකට පත්ව සිටිති.

ශ්‍රී ලංකා තානාපතිනිය වන ශෝභනී ගුණසේකර මහත්මිය වෙත ලිඛිතව මේ බව එම සිසු සිසුවියන් දැනුම් දීමට කටයුතු කර ඇත.

පිලිපීනයේ පවතින තත්ත්වය උග්‍රවීමට හැකියාවක් ඇති අතර මෙම සිසුන් හා මෙරට සිටින ඔවුන්ගේ මවුපියන් ඇතුළු පවුල්වල අයගේ මානසික ස්ථායිතාව පවත්වා ගැනීමට තමන් ශ්‍රී ලංකාවට පැමිණීමට බලාපොරොත්තු වන බව ඔවුන් සිය ලිපිය මඟින් ශ්‍රී ලංකා තානාපතිනිය වෙත දැනුම් දී තිබේ.

රෝහල් ගතවීමකදී විදෙස් සිසුන් හැටියට ඔවුන් පිලිපීන සෞඛ්‍ය රක්ෂණ ආවරණය නොලබන බැවින් විශාල වැය බරක් දැරීමට සිදුවනු ඇති බවද ඔවුහු සඳහන් කරති.

ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ තමන්ව ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමේදී තම අධ්‍යයන කටයුතු දිගටම පවත්වාගෙන යෑමට අවශ්‍ය පියවර ගැනද අවධානය යොමු කර ඒ සඳහා කටයුතු සැලැස්විය යුතු බවයි.

කෙසේ නමුත් ඔවුන් වෙසෙන සැන් කැරෝල්ස් නගරයෙන් මෙතෙක් ආසාදිතයන් කිසිවකු හඳුනාගෙන නැත.

Related posts

ඉන්දු – ශ්‍රී ලංකා ETCA ගැන අලුත් කතාවක්

Mohamed Dilsad

ඔනේෂ් සුබසිංහව ඝාතනය කර ඇත්තේ ජීවිත රක්ෂණය වෙනුවෙන්

Mohamed Dilsad

ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ

Mohamed Dilsad

Leave a Comment