දේශීය

බැංකු පොලීය ගැන මහ බැංකුවෙන් කොළ එළියක්

ශ්‍රී ලංකා මහ බැංකුව මගින් ප්‍රතිපත්තිමය පොලී අනුපාතික අඩුකිරීමේ වාසිය බැංකු මගින් ජනතාවට සම්ප්‍රේෂණය කෙරෙතැයි අපේක්ෂා කෙරෙන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

 

ඔහු මේ බව පැවසුවේ ශ්‍රී ලංකා මහ බැංකුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

 

බැංකු පොලී අඩුවුවහොත් නැවතත් ව්‍යාපාර සඳහා බැංකු මූල්‍ය පහසුකම් ලබාගැනීම වර්ධනය වී ආර්ථික කටයුතු යථා තත්ත්වයට පත්වෙතැයි ඔහු පැවසීය.

 

මේ අතර ජුලි මාසයේ අන්තිම වෙනවිට උද්ධමනය තනි ඉලක්කමකට පැමිණෙනු ඇති බවට ශ්‍රී ලංකා මහ බැංකුව පුරෝකතනය සිදුකර තිබෙන බවද පැවසීය.

 

 

Related posts

GSP+ බදු සහනය වසර 2023 වන තෙක්

Mohamed Dilsad

තවත් කොවිඩ් රෝගීන් 201ක්

Mohamed Dilsad

ලාෆ් ගෑස් මිල ලබන මාසයේදී තවදුරටත් පහළට

Mohamed Dilsad

Leave a Comment