දේශීය

ඉන්ධන මිලට ප්‍රතිචාර දක්වමින් බස් ගාස්තු සංශෝධනයක් ?

ජූලි මාසයේ සිදුකෙරෙන බස් ගාස්තු සමාලෝචනයේදී බස් ගාස්තු සංශෝධනයක් සිදුකිරීමට බලාපොරොත්තු වන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.

 

ඔහු පෙන්වා දෙන්නේ මෙවර ඉන්ධන මිල සංශෝධනයේදී ඩීසල් මිලෙහි අඩුවීමක් සිදු නොවුණ ද පසුගිය මාසයෙහි ඩීසල් මිලෙහි අඩුවීම සැලකිල්ලට ගෙන මෙම බස් ගාස්තු සංශෝධනය සිදුකිරීමට සූදානම් බවය.

 

කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ, ඉකුත් මාසයේ ඩීසල් මිල රුපියල් 15කින් අඩුවීමක් සිදුවූ අතර එහි වාසිය ජනතාවට ලබාදීමේ අරමුණින් ජූලි මස 01 වනදා සිදුකරන බස්ගාස්තු සමාලෝචනයේදී එහි වාසිය ලබාදීමට රජයට බලකරන බවය.

 

මේ සඳහා භාණ්ඩවල මිල ගණනය කිරීම්, අමතර කොටස්වල මිල සහ අනෙකුත් දෑවල මිල ගණන් ගණනය කර ජූලි 01දා බස් ගාස්තු සංශෝධනය සිදුකරන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

 

 

 

Related posts

දඹුල්ල ප්‍රදේශයේ දී මිය ගිය සෙබලාට කොරෝනා නැති බවට තහවුරු වෙයි

Mohamed Dilsad

කොන්සියුලර් කටයුතු අද නැවත ඇරඹේ

Mohamed Dilsad

රට පුරා විශේෂ වැටලීම්වලින් තවත් සැකකරුවන් රැසක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment