දේශීය

බැංකු පොලීය ගැන මහ බැංකුවෙන් කොළ එළියක්

ශ්‍රී ලංකා මහ බැංකුව මගින් ප්‍රතිපත්තිමය පොලී අනුපාතික අඩුකිරීමේ වාසිය බැංකු මගින් ජනතාවට සම්ප්‍රේෂණය කෙරෙතැයි අපේක්ෂා කෙරෙන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

 

ඔහු මේ බව පැවසුවේ ශ්‍රී ලංකා මහ බැංකුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

 

බැංකු පොලී අඩුවුවහොත් නැවතත් ව්‍යාපාර සඳහා බැංකු මූල්‍ය පහසුකම් ලබාගැනීම වර්ධනය වී ආර්ථික කටයුතු යථා තත්ත්වයට පත්වෙතැයි ඔහු පැවසීය.

 

මේ අතර ජුලි මාසයේ අන්තිම වෙනවිට උද්ධමනය තනි ඉලක්කමකට පැමිණෙනු ඇති බවට ශ්‍රී ලංකා මහ බැංකුව පුරෝකතනය සිදුකර තිබෙන බවද පැවසීය.

 

 

Related posts

ප්‍රදේශ කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි

Mohamed Dilsad

මේක ජනපති දැනුවත්ව වෙච්ච වැඩක් – හර්ෂ

Mohamed Dilsad

සියලු ආර්ථික මධ්‍යස්ථාන 17 සහ 18 විවෘත කෙරේ

Mohamed Dilsad

Leave a Comment