දේශීය

මාතෘ භූමියට නායකත්වය දීමට සූදානම් – සජිත්

(UTV | කොළඹ) – ජනාධිපති, අගමැති ඇතුළු පොහොට්ටු ආණ්ඩුවේ ජනවරම අවසන් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

ඒ අනුව ඔවුන් මේ සුන්දර දිවයින විනාශ කළ බවත් එලෙස විනාශ දේශය යළි ගොඩනැගීමට නායකත්වය ලබාදීම සමගි ජන බලවේගය ප්‍රමුඛ තමන් සූදානම් බවයි විපක්ෂ නායකවරයා සඳහන් කළේ.

ජනාධිපතිවරයා, අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවක් පත්කරන අතර මෙය හැරෙන්නට වෙනත් විකල්ප නොමැති බවයි ඔහු සඳහන් කළේ.

මෙයට විරුද්ධ වන පාර්ලිමේන්තුව තුළ සිටින කිසියම් පුද්ගලයෙකු කඩාකප්පල්කාරී ක්‍රියාවක් කරන්නේ නම් එය දේශද්‍රෝහී ක්‍රියාවක් ලෙස සලකන බවත් මාතෘ භූමිය රැක ගන්න සහ මාතෘ භූමියට නායකත්වය දීමට අප සූදානම් බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් සඳහන් කළේ.

Related posts

පොල් සම්බල් සහ නිවෙස්වල කිරි ලෙස භාවිතයේදී පොල් විශාල ප්‍රමාණයක් අපතේ යනවා – නියෝජ්‍ය ඇමති චතුරංග අබේසිංහ

Editor O

මැතිවරණ නිරීක්ෂකයන් පිරිසක් ක්ෂේත්‍රයට

Mohamed Dilsad

වේයන්ගොඩ විශේෂ ආර්ථික මධ්‍යස්ථානය පැය 24 ම විවෘතව තැබේ

Mohamed Dilsad

Leave a Comment