දේශීය

වේයන්ගොඩ විශේෂ ආර්ථික මධ්‍යස්ථානය පැය 24 ම විවෘතව තැබේ

(UTV| කොවිඩ් 19) – කොරෝනා ව්‍යාප්තියේ අවධානම හේතුවෙන් කොළඹ මැනිං වෙළඳ පොල වසා දැමීමට පියවර ගැනීමත් සමග වේයන්ගොඩ විශේෂ ආර්ථික මධ්‍යස්ථානය දෛනිකව පැය 24 පුරා විවෘතව තබමින් පාරිභෝගිකයින්ට සහන සැලසීමට පියවර ගෙන ඇත.

ගම්පහ දිසාපති සුනිල් ජයලත් මහතාගේ උපදෙස් පරිදි මෙම පියවර ගෙන ඇති අතර, මෙහි කටයුතු සිදු කෙරෙන ආකාරය පාරිභෝගික කටයුතු අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් විමර්ශන අංශයෙහි නිලධාරීන් විසින් නිරීක්ෂණය කටයුතු ද සිදුකරනු ලැබීය.

මෙහිදී මැනිං වෙළඳ පොලට වඩා අඩු මිල ගණන් යටතේ විශේෂයෙන්ම එළවළු ඇතුළු ද්‍රව්‍ය සාමාන්‍ය වෙළඳුන්ට ලබාදීමේ හැකියාවක් පවතින බව ද පාරිභෝගික කටයුතු අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් විමර්ශන අංශ ප්‍රධානී ප්‍රදීප් කළුතරආරච්චි මහතා පැවසීය.

දඹුල්ල , නුවරඑළිය, බණ්ඩාරවෙල,  පුත්තලම සහ ඇඹිලිපිටිය යන ප්‍රදේශයන්ගෙන් එළවළු, කෙසෙල් වැනි දෑ වේයන්ගොඩ විශේෂ ආර්ථික මධ්‍යස්ථානය වෙත රැගෙන එන අතර ප්‍රදේශ ගණනාවකින් පැමිණෙන සාමාන්‍ය වෙළඳුන්ට තොග වශයෙන් අලෙවිය ද සිදුකරනු ලබයි.

Related posts

දේශබන්දුගේ බිරිඳගෙන් අතුරුගිරිය පොලීසියට පැමිණිල්ලක්

Editor O

සජින්ද වාස්ට එරෙහි නඩුවේ සාක්ෂි විමසීමට දින නියම වෙයි

Mohamed Dilsad

ඊශ්‍රායලයේ අෂ්දොද් බලාගාරය පිහිටි ප්‍රදේශයට, ඉරානයෙන් දැවැන්ත ප‍්‍රහාරයක්..: ජෙරුසලමේ විශාල පිපිරීම්…!

Editor O

Leave a Comment