දේශීය

කුලී රථ හා ත‍්‍රීරෝද රථවල ගමන්කරන මගීන් දෙදෙනෙකුට සීමා කරයි

(UTV| කොළඹ) –  කුලී රථ හා ත‍්‍රීරෝද රථවල රියදුරුට අමතරව ගමන් කළ හැකි උපරිම මගීන් ගණන දෙදෙනෙකුට සීමා කරන ලෙස දන්වමින් වැඩ බලන පොලිස්පති සී. ඩී. වික‍්‍රමරත්න මහතා සියලු පොලිස් ස්ථාන වෙත දැනුම් දීමක් සිදුකර තිබේ.

 දෛනික ජන ජීවිතය යථා පරිදි පවත්වා ගැනීමට ඇඳිරි නීතිය ලිහිල් කිරීමත් සමග පොදු මගී ප‍්‍රවාහන සේවාවන්හි ආරක්ෂක ක‍්‍රම පිළිබඳව සැලකිලිමත් නොවී කටයුතු කරන අවස්ථා නිරීක්ෂණයට ලක්ව ඇති බව වැඩ බලන පොලිස්පතිවරයා සඳහන් කරයි.

 

Related posts

කටුනායක 16 කණුව ප්‍රදේශයේ හුදකලා සිදුවීමක්

Editor O

විදුහල්පතිනියගෙන් පහරක කෑමට ලක්වූ සිසුවියක් අක්ෂි රෝහලට

Mohamed Dilsad

වට්ස්ඇප් ගිණුම්වෙත අනවසර ප්‍රවේශයන් පිළිබඳ ලැබෙන පැමිණිලි ඉහළට

Editor O

Leave a Comment