දේශීය

වෑතර ප්‍රදේශයෙන් මාළු මිලදී ගත් පිරිස් ඇත්නම් සෞඛ්‍ය අංශ දැනුවත් කරන්න

(UTV | කොවිඩ් 19) –  ඊයේ (20) දිනයේ දී කොවිඩ් 19 ආසාදිතයෙකු ලෙස තහවුරු වූ පිළියන්දල ප්‍රදේශයේ මාළු ව්‍යාපාරිකයා සමඟ සමීප සබඳතා පැවැත්වූ පිරිසක් ස්වයං නිරෝධායනයට ලක්කර තිබේ.

එම ව්‍යාපාරිකයාගේ වෑතර ප්‍රදේශයේ පිහිටි මාළු අලෙවිසැලෙන් මාළු මිලදී ගත් පිරිස් සිටී නම් ඒ සම්බන්ධයෙන් වහාම ප්‍රදේශයේ සෞඛ්‍ය අංශ වෙත දැනුම් දෙන ලෙස කහතුඩුව ප්‍රදේශය බාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ධනුක මදනායක මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

අදාළ පුද්ගලයා මාළු මිලට ගැනීම හේතුවෙන් පෑලියගොඩ මත්ස්‍ය වෙළඳසැල ද වසා දැමීමට තීරණය කර තිබේ.

Related posts

ට්‍රම්ප්ගේ තීරු බදු නිසා ශ්‍රී ලංකාවට ඇති ආර්ථික අවධානම ගැන විපක්ෂ නායකගෙන් පැහැදිලි කිරීමක්

Editor O

නිරෝධායනයට ගෙන ගිය කාන්තාව මියගියේ කොරෝනා වලින් නොවේ

Mohamed Dilsad

පාන් ඇතුළු බේකරි නිෂ්පාදන මිල අද මධ්‍යම රාත්‍රීයේ සිට ඉහළට

Mohamed Dilsad

Leave a Comment