දේශීය

පාන් ඇතුළු බේකරි නිෂ්පාදන මිල අද මධ්‍යම රාත්‍රීයේ සිට ඉහළට

(UTV | කොළඹ) – බත් පාර්සලයක මිළ ඉදිරියේදී රුපියල් 20 ත් 30 ත් අතර අගයකින් අනිවාර්යෙන් ඉහල යනු ඇතැයි සමස්ථ ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය අනාවැකි පළ කරනවා.

එහි සභාපති අසේල සම්පත් මහතා නිව්ස් රේඩියෝවට කියා සිටියේ තිරිගු පිටි මිළ ඉහල යාම හමුවේ සියළු බේකරි නිෂ්පාදන මිළ ගණන් ඉහල දැමීමට සිදුවනු බවයි.

පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ගණන් අද මධ්‍යම රාත්‍රීයේ සිට ඉහළ දමන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

එහි සභාපති එන්. කේ. ජයවර්ධන මහතා පැවසුවේ පාන් ගෙඩියක මිල රුපියල් 20ත් 30ත් අතර මිලකින් ඉහළ දමන බවයි.

ඒ අනුව මේ වන විට රුපියල් 70ක මිලට අලෙවි වන පාන් ගෙඩියක මිල රුපියල් 100ක් දක්වා ඉහළ යනු ඇත.

එමෙන්ම ඊට සාපේක්ෂව බනිස් ගෙඩියක මිලද රුපියල් 10කින් ඉහළ දමන බව ඒ මහතා පැවසීය.

පාන් මිල ඉහළ දැමීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පෙන්වා දෙයි.

Related posts

මුස්ලිම් හෙදියන්ට සිය සංස්කෘතික ඇදුම්වලින් රාජකාරි කිරීමට අවසර..- ඇමති විජිත

Editor O

නිව් ඩයමන්ඩ් නෞකාවෙන් වන්දි අය කරගැනීම ගැන අවසන් වාර්තාව හෙට

Mohamed Dilsad

අනතුරු අවම කර ගැනීමට ජනතාවට උපදෙස්

Mohamed Dilsad

Leave a Comment