Trending Newsඑසැන පුවත්දේශීය

ක්‍රිකට් ක්‍රීඩකයාට එරෙහි ගුවන් සේවිකාවගේ ඉල්ලීම අධිකරණයේදී පුතික්ෂේප වෙයි….

සිය දරුවාගේ පීතෘත්වය සනාථ කිරීම සඳහා ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්නගේ ඩී.එන්.ඒ. වාර්තාවක් කැඳවන ලෙස පුද්ගලික ගුවන් සමාගමක ගුවන් නියමුවරියක් අධිකරණයෙන් කළ ඉල්ලීමක් වගඋත්තරකාර චාමික කරුණාරත්නගේ නීතිඥවරයා ප්‍රතික්ෂේප කර කර ඇත. .

තමා සමඟ විවාහ වන ලෙස හෝ එසේ නොමැති නම් තම දරුවා වෙනුවෙන් නඩත්තු ගෙවන ලෙස ඉල්ලා ගුවන් නියමුවරියක බව කියන සෙව්වන්දි සේනාධීර නමැත්තියක විසින්, ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්නට එරෙහිව පවරා ඇති නඩුව අද (08) අධිකරණය හමුවේ නැවත කැඳවූ අවස්ථාවේදී පැමිණිලිකාරියගේ නීතිඥවරිය කළ ඉල්ලීමක් එසේ ප්‍රතික්ෂේප කෙරිණ. .

විවාහවීමේ බලාපොරොත්තුව ඇතිව තමන් ‍ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්න සමඟ සබඳතාවයක් පවත්වාගෙන ගිය බවත් එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔහුට දාව තමන්ට දරුවෙක් සිටින බවද ඇය සිය පැමිණිල්ල මඟින් අධිකරණයට දැනුම් දී තිබිණ .

පැමිණිලිකාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ජෙරුස තාම්බායියා සඳහන් කළේ සිද්ධියට අදාළව, පීතෘත්වය සලකා බැලීමට ඩී.එන්.ඒ. පරීක්ෂාවක් කිරීමට අධිකරණයෙන් නියෝගයක් ලබා දෙන ලෙසයි.

ඩී.එන්.ඒ. වාර්තාවක් ලබා ගැනීමට අධිකරණයෙන් බලපෑමක් කළ නොහැකි බවත් එය ඔප්පු කිරීම් භාරය ඉල්ලුම්කාරියට පවතින බව එම අවස්ථාවේදී වගඋත්තරකාර පාර්ශවය වෙනුවෙන් අධිකරණයේ පෙනීී සිටි නීතිඥ අසේල රැකවල මහතා සඳහන් කළේය..

ඒ අනුව වගඋත්තරකරු ඩී.එන්.ඒ. පරීක්ෂාව කිරීම ප්‍රතික්‍ෂේප කරන බවත්, සිද්ධියට අදාළව පීතෘත්වය ලබාදීම ප්‍රතික්ෂේප කරන බව ද අධිකරණයට දැනුම් දුන්නේය.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ වගඋත්තරකරු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥවරයා සඳහන් කර සිටියේ, මෙම ඉල්ලුම්කරු ගර්භනීව සිටි අවධියේ ඉන්දීය ගුවන් නියමුවරයෙක් සමග ඡායාරූපද රැගෙන ඇති බවයි.

විවාහ වෙන බවට ඔහු තමන්ට පොරොන්දුව ලබා දුන් නමුත් ඔහු තමන් හා විවාහ ගිවිස නොගත් බවත් පසුව ඔහු තමාව හා දරුවා අතහැර වෙන්ව සිටින බවද පවසන ඇය සිය පැමිණිල්ල ඉදිරිපත් කරමින් අධිකරණයෙන් ඉල්ලා ඇත්තේ තමන්ව විවාහ කර නොගන්නේ නම් දරුවා වෙනුවෙන් නඩත්තු ගෙවන ලෙසට ඔහුට නියෝගයක් ලබා දෙන ලෙසයි

කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්ව,රයා, වගඋත්තරකරු වන චාමික කරුණාරත්න රුපියල් ලක්ෂ 10 බැගින් වු ශරීර ඇපයක් මත මුදා හරින ලෙස නියෝග කළ අතර, , වැඩිදුර කරුණු සලකා බැලීමට නඩුව ජනවාරි 30 නැවත කැඳවන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

Related posts

Avengers 4: New theory posits Doctor Strange is alive

Mohamed Dilsad

පාන් මිල රුපියල් 50කින් අඩු වෙන ලකුණු

Mohamed Dilsad

Miley Cyrus and Liam Hemsworth to separate

Mohamed Dilsad

Leave a Comment