දිවයිනට බලපෑ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් අවතැන් වූ දරුවන්ට අවශ්‍ය පොත්පත් ඇතුළු පාසැල් උපකරණ බෙදා දීමේ “ආදරය” වැඩසටහන හම්බන්තොටදී පැවැත්විණි.
මෙහිදී හම්බන්තොට දිස්ත්‍රික්කයේ පාසැල් 4කදී දහසකට වැඩි දරුවන් ප්‍රමාණයකට පොත්පත් හා පාසැල් උපකරණ බෙදා දුන්හ.
මෙසේ ආපදාවට ලක්වූ දරුවන්ට පොත්පත් බෙදා අනෙකුත් දිස්ත්‍රික්කවලද සිදු කරන බව නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
මේ පිළිබඳව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආසන සංවිධායකයින් හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අනුබද්ධ ආයතනද සහභාගි කරගෙන මෙම “ආදරය ” වැඩසටහන දියත් කර ඇති බව නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
මෙම දරුවන්ගේ අධ්‍යාපනය නඟාසිටුවීම සඳහා, සියලුම දෙනාට මෙම සද්කාර්‍යට සහභාගී වන ලෙසද නාමල් රාජපක්ෂ මහතා ඉල්ලීමක්ද කළේය.
