Trending Newsඑසැන පුවත්දේශීය

චීචීගේ රොකට්ටුවෙන් මාලිමාව පුපුරයි….? හරිනි සහ කාදිනල් හිමිපාණන් අතර විශේෂ සාකච්ඡාවක්…?

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මැතිනිය සහ අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අතර විශේෂ සාකච්ඡාවක් අගරදගුරු නිල නිවසේ දී පවත්වාව ඇතැයි වාර්තා වේ.

මෙම හමුවේදී, අග්‍රාමාත්‍යතුමිය විසින් මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිදු කිරීමට නියමිත නව ප්‍රතිසංස්කරණ පිළිබඳව කාදිනල් හිමිපාණන් දැනුවත් කර ඇතැයි සඳහන්.

මෙම සාකච්ඡාව සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව මහතා ඇතුළු තවත් නිලධාරීන් කිහිප දෙනෙක් සහභාගී වූහ.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පාසල් පද්ධතිය තුළින්ම වෘත්තීය අධ්‍යාපනයේ වැදගත්කම කෘෂිකර්මාන්තය, ධීවර කර්මාන්තය, විදුලි කාර්මික ක්ෂේත්‍රය සහ වාහන අලුත්වැඩියාව වැනි ක්ෂේත්‍ර සඳහා දක්ෂ වෘත්තිකයන් බිහි කිරීමේ අරමුණ පැහැදිලි කෙරිණි.

Related posts

පිටකොටුවේ තොග වෙ⁣ළෙඳසැල් කීපයක් හෙට විවෘතයි

Mohamed Dilsad

இலங்கையின் கல்வி முறையில் மாற்றம்

Mohamed Dilsad

ආනයනික ලොකු ලූණු බද්ද සංශෝධනය කරයි.

Editor O

Leave a Comment