දේශීය

අනතුරු අවම කර ගැනීමට ජනතාවට උපදෙස්

(UTV | කොළඹ) – දිවයින ආශ්‍රිතව තද වැසි සහිත කාලගුණික තත්ත්වය තවදුරටත් අපේක්ෂා කෙරෙන බව කාලගුණ විද්‍යා දෙලාර්තමේන්තුව නිවේදනය කරයි.

බස්නාහිර,සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී.100 වැඩි තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බවත් නිවේදනයේ දැක්වේ

දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

ඇතැම් ස්ථානවලට මි.මී.75 වැඩි තරමක තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතී.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

Related posts

මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික් සඳහා නයයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනයක්

Editor O

රට පුරා රැපිඩ් ඇන්ටිජන් කට්ටල හිගයක්

Mohamed Dilsad

ඉන්දියාව සහ පකිස්තානය අතර සටන් ඇවිලේ

Editor O

Leave a Comment