මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්වල ප්‍රදේශ කිහිපයකට නිකුත් කර තිබූ නායයෑම් අනතුරු ඇඟවීමේ රතු නිවේදන තවදුරටත් දීර්ඝ කරීම ට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අද(20) සවස පියවර ගෙන තිබේ.
ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ දොලුව, උඩුදුම්බර, මිනිපේ සහ මැදදුම්බර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වෙත නායයෑම් රතු නිවේදන නිකුත් කර ඇත.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ මතුරට, නිල්දණ්ඩාහින්න, වලපනේ සහ හඟුරන්කෙත යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට ද නායයෑම් අනතුරු ඇඟවීමේ රතු නිවේදන නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය වැඩිදුරටත් සඳහන් කරයි.
අනතුරු ඇඟවීමේ මට්ටම 2 – අවදානයෙන් සිටින්න


