Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

ඔන්ඩැන්සෙට්‍රෝන් වැඩිදුර පරීක්ෂණයට විශේෂඥ කමිටුවක්; පරීක්ෂණ වියදම ගෙවීමට ඉන්දීය සමාගම සූදානම්..!

මෙරට භාවිතය තාවකාලිකව අත්හිටවූ ‘ඔන්ඩැන්සෙට්‍රෝන්’ නැමැති ඖෂධය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සඳහා 7 දෙනෙකුගෙන් යුත් විශේෂඥ කමිටුවක් පත්කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි පැවසුවේ අදාළ කමිටුව විසින් ඔන්ඩෙස්ට්‍රෝන් භාවිතයෙන් පසු පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇතැයි කියන සිදුවීම සම්බන්ධයෙන් මෙන්ම එම ඖෂධයේ සංකුලතා සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකෙරෙනු ඇති බවයි.

‘ඔන්ඩැන්සෙට්‍රෝන්’ නැමැති ඖෂධය මෙරට තුළ දෙලක්ෂයකට ආසන්න පිරිසක් භාවිත කර ඇතැයි ද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ය.

අදාළ මත භේදාත්මක එන්නතේ ටෙන්ඩරය ලබාගෙන ඇත්තේ පී.ටී.සී. හෝල්ඩිංග්ස් පුද්ගලික සමගම හා අනුබද්ධිත (PTC Holdings (Privet) Limited) පී.ටී.සී. මෙඩිකල් පුද්ගලික සමාගම (PTC Medical (Private) Limited) විසින් බව පැවසේ.
පීටීසී හෝල්ඩිංග්ස් පුද්ගලික සමාගමේ (PTC Holdings (Private) Limited) අධ්‍යක්ෂවරුන් ලෙස ඔවුන්ගේ සමාගම් වෙබ් අඩවියේ ගිහාන් බෙනරගම, ගිම්හානා වික්‍රමසුරේන්ද්‍ර හා ජාලිය වික්‍රමසුරේන්ද්‍ර යන මහත්ම මහත්මියන්ගේ නම් ඇතුළත් කර තිබේ.කෙසේවුවද, Ondansetron එන්නත සම්බන්ධයෙන් පැන නැගී ඇති තත්ත්වය පිළිබඳව එහි මව් සමාගම වන ඉන්දියාවේ Maan Pharmaceuticals Ltd සමාගම විසින් ලංකාවේ සෞඛ්‍ය බලධාරීන් වෙත ඊයේ (19) එවා තිබූ ලිපියක සඳහන්ව තිබුනේ මෙම ස්වාධීන පරීක්ෂණ සඳහා යන පිරිවැය නිෂ්පාදක සමාගම විසින්ම දැරීමට සූදානම් බවයි.අදාළ ලිපිය, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) සභාපතිවරයා සහ ප්‍රධාන විධායක නිලධාරීවරයා ඇතුළු ඉහළ සෞඛ්‍ය බලධාරීන් වෙත යොමුකර තිබේ.

එසේම එහි පිටපතක් සෞඛ්‍ය අමාත්‍යවරයා සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ද යොමු කර ඇත.  

Maan Pharmaceuticals Ltd යොමුකර තිබූ ලිපිය පහත දැක්වේ.

Related posts

වෙලේ සුදාගේ සහෝදරිය අතුළු තිදෙනෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

களனிவௌி தொடரூந்து வீதிக்கு நாளை முதல் பூட்டு

Mohamed Dilsad

ලංකාවට ගෙන්වූ වැඩක් නැති යන්ත්‍රයක්

Mohamed Dilsad

Leave a Comment