Trending Newsඑසැන පුවත්දේශීය

ප්‍රධාන ජලාශ 36ක් වාන් දමයි

වාරිමාර්ග දෙපාර්තමේන්තුව සතුව පවතින ප්‍රධාන ජලාශ 36ක් සහ මධ්‍යම ප්‍රමාණයේ ජලාශ 52කට අධික ප්‍රමාණයක් මේ වන විටත් වාන් දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුවේ ජල කලමනාකරණ අධ්‍යක්ෂ එච්.පී.එස්.ඩී. හේරත් මහතා ඒ බව සඳහන් කළේ අද (20) පෙ. ව 9.00 වනවිට පවතින තත්ත්වය බවය.

ඒ අනුව, හේරත් මහතා පවසා සිටියේ, අම්පාර දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශ 9න් ජලාශ 3ක්ද, අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශ 10න් ජාලශ 9ක්ද, බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශ 07න් 04ක්ද, මඩකලපුව දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශ 04න් ජලාශ 02ක්ද මේ වන විට වාන් දමන බවය.

මීට අමතරව, හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශ 10න් ජලාශ එක් ජලාශයක්ද, මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශ තුනමද, කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශ 10න් ජලාශ 03ක්ද, මොනරාගල දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශ 03න් ජලාශ දෙකකද මේ විට වාන් දොරටු විවෘත බව සඳහන්ය.        

එමෙන්ම පොළොන්රුව දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශ 04න් ජලාශ දෙකක්ද, පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශ දෙකමද, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශ 05න් ජලාශ 4ක්ද, වව්නියාව දිස්ත්‍රික්කයේ එක් ජලාශයක්ද වාන් දමන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කලමනාකරණ අධ්‍යක්ෂවරයා සඳහන් කළේය. 

විශේෂයෙන් අදාළ ජලාශවල වාන් දොරටු විවෘත කිරීම මගින් නිතුක් කෙරෙන ජල ප්‍රමාණයන් අවම ප්‍රමාණයක පවතින අතර ඉදිරියේදී ලැබෙන වර්ෂාපතනය අනුව මෙම ජලාශවල වාන් දොරටු විවෘත කිරීමේ ප්‍රමාණයන් වෙනස්විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කලමනාකරණ අධ්‍යක්ෂවරයා සඳහන් කළේය. 

එම නිසා එම ජලාශවල පහළ ප්‍රදේශවල ජනතාව අදාළ ජලාශවලින් ජලය නිකුත්කිරීමේ නිවේදන පිළිබඳ දැඩි අවධානයක් යොමුකිරීම ඉතාමත් වැදගත් බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කලමනාකරණ අධ්‍යක්ෂ එච්.පී.එස්.ඩී. හේරත් මහතා වැඩිදුරටත් පැවසීය

Related posts

Accepting O/L applications close on May 24

Mohamed Dilsad

கதிர்காமம் பகுதியில் துப்பாக்கி சூடு; நபர் ஒருவர் பலி

Mohamed Dilsad

බස්නාහිර පළාතේ තවදුරටත් වැටලීම්

Mohamed Dilsad

Leave a Comment