Trending Newsඑසැන පුවත්දේශීය

බාල ඖෂධ ගෙන්වීමේදී, නිලධාරීන් බිලි දී දේශපාලකයන්ට ගැළවෙන්න බෑහැ…! – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය…

ඔන්ඩැන්සෙට්‍රෝන් නම් ඖෂධයෙහි බැක්ටීරියාවක් අන්තර්ගතව ඇතැයි වාර්තා වන අතර එම ඖෂධ රෝහල් පද්ධතිය තුළ බෙදාහරින තුරු බලධාරීන් කුමක් කළේ ද යන ප්‍රශ්නය මතුවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක, වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පවසයි. මාධ්‍ය හමුවක් අමතමින් වෛද්‍ය චමිල් විජේසිංහ මහතා මේ බව ප්‍රකාශ කර ඇත.

අදාළ සමාගම ගෙන ආ තවත් ඖෂධ නවයක් භාවිතයෙන් ඉවත් කර ඇති බවත් ඒ පිළිබඳ පැමිණිලි ලැබෙන විට ගත් තීන්දු මොනවාදැයි ප්‍රශ්න කරන වෛද්‍ය චමිල් විජේසිංහ මහතා , මෙම සමාගම් සමග දේශපාලනඥයන්ගේ සහෝදරයන්ගේ නම් ගෑවි ඇති බව ද පෙන්වා දෙයි.

ඖෂධ මාෆියාව බූවල්ලෙකු සේ සෑම තැනක අඬුපඬු විහිදා පැතිර ඇති බවත් හෙතෙම කීවේය.

ඉමියුනොග්ලොබියුලින් නඩුවේදී කැබිනට් මණ්ඩලයම චූදිතයන් වූ බවත් මෙම කටයුතු සඳහා නිලධාරීන් පමණක් වගකිව යුතු යැයි කිසිවෙකුට නිදහස් විය නොහැකි බවත් චමිල් ජයසිංහ මහතා සඳහන් කරයි.

Related posts

මල්වෙඩිල්ලක් වැදී පුද්ගලයෙක් මරුට

Mohamed Dilsad

කාර්යය මණ්ඩලය ප්‍රමාණවත් නෑ! ප්‍රතිපාදනත් නෑ…! තොරතුරු කොමිෂන් සභාව දුක කියයි….

Editor O

චන්ද්‍රයාගේ අලුත්ම ඡායාරූප

Mohamed Dilsad

Leave a Comment