දේශීය

මල්වෙඩිල්ලක් වැදී පුද්ගලයෙක් මරුට

තඹුත්තේගම තේක්කවත්ත ප්‍රදේශයේදී මල්වෙඩිල්ලක් දැල්වීමට යාමේදී සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

 

පොලීසිය පැවසුවේ සිය නිවස ආසන්නයේ පැවති මංගල උත්සවයක් අතරතුර අදාළ පුද්ගලයා මෙම අනතුරට ලක්වී ඇති බවය.

 

මංගල උත්සවයේ මල්වෙඩි දල්වමින් සිටින අතරතුර එක් මල්වෙඩිල්ලක් නොදැල්වීම හේතුවෙන් එය පරීක්ෂා කර යළි දැල්වීමට යාමේදී මල්වෙඩිල්ල පත්තු වී හිසේ වැදීමෙන් ඔහු අනතුරට ලක්වී තිබේ.

 

බරපතළ තුවාල සිදුවූ 31 හැවිරිදි එම පුද්ගලයා තඹුත්තේගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව පොලීසිය පැවසීය.

 

සිද්ධිය සම්බන්ධයෙන් තඹුත්තේගම පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

Related posts

චීනයේ විශේෂ දූත පිරිසක් සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට

Mohamed Dilsad

තවත් 430 ක් සුවය ලබයි

Mohamed Dilsad

කළුතර ගම්මානයක් හුදෙකලා කරයි

Mohamed Dilsad

Leave a Comment