Trending Newsඑසැන පුවත්දේශීය

මාලිමාවට බලය හිමි නගර සභා දෙකක අයවැය පරදී

ජාතික ජන බලවේගයට බලය හිමි රත්නපුර මහනගර සභා හා පෑලියගොඩ නගර සභාවල අයවැය ඊයේ (19) පරාජයට පත්විය.

පෑලියගොඩ නගර සභාවේ සභාපති කපිල සමන් කීර්ති විසින් අයවැය යෝජනාව ඉදිරිපත් කර ඇති අතර වැඩි ඡන්ද 1කින් මෙසේ ආණ්ඩුව පරාජයට පත්ව ඇති බව වාර්තා වේ.

මෙහිදී අයවැයට විපක්ෂව සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, සර්ව ජන බලය, පොදුජන එක්සත් පෙරමුණ සිය ඡන්දය භාවිත කර තිබුණි.

මේ අතර, රත්නපුර මහනගර සභාවේ අයවැය දෙවනවර කියවීම ද ඊයේ (19) දින පරාජයට පත්ව තිබේ.

මෙම ඡන්දයේදී අයවැයට පක්ෂව ඡන්ද 13ක් ද, විපක්ෂව ඡන්ද 14ක්ද හිමි වූ අතර ඒ අනුව වැඩි ඡන්ද 1කින් රත්නපුර මහනගර සභාවේ අයවැය ආණ්ඩුව පරාජයට පත් විය.

මන්ත්‍රීවරු 27දෙනාම අද දින සහභාගිවූ අතර මෙහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් සහභාගි වූ නාගරික මන්ත්‍රී L.P. ලියනආරච්චි මහතා අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර ඇත.

මෙම ඡන්දයෙන් අනතුරුව පොදු විපක්ෂය විසින් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා සඳහන් ක‍ර සිටියේ නගරාධිපතිවරයාගේ දැඩි බව සහ අසාමාන්‍ය අයුරින් බදු වැඩි කිරීම නිසා මෙම තීන්දුව ගත් බවය.

Related posts

සෞඛ්‍ය සේවකයින් ඇඟිලි සලකුණු තැබීම ප්‍රතික්ෂේප කරලා

Mohamed Dilsad

இதுவே மக்களின் வாக்களிப்பு வீதம் குறைய காரணம்

Mohamed Dilsad

සියලු නාවික හමුදා සාමාජිකයින්ගේ නිවාඩු අවලංගු කෙරේ

Mohamed Dilsad

Leave a Comment