දේශීය

රට පුරා රැපිඩ් ඇන්ටිජන් කට්ටල හිගයක්

(UTV | කොළඹ) – රට පුරා පවතින රැපිඩ් ඇන්ටිජන් කට්ටල හිගය හේතුවෙන් කොවිඩ් රෝගීන් හදුනා ගැනීමට අමතරව අත්‍යවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර සහ ශල්‍යකර්ම පවා ප්‍රමාදවන තත්වයක් මතුවී ඇතැයි සෞඛ්‍ය වෘත්තීය සමිති පවසනවා.

රෝහල් සදහා ඇණවුම් කල ක්ෂණික ප්‍රතිදේහ ජනක පරීක්ෂණ කට්ටල ඖෂධ සැපයීම් අංශය මගින් ලබා නොදීම හේතුවෙන් මෙම තත්වය මතු වී ඇති බවයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පෙන්වා දෙන්නේ.

කොළඹ සහ මහනුවර ජාතික රෝහල්, රත්නපුර ශික්ෂණ රෝහල, අම්පාර, කරාපිටිය, පේරාදෙණිය, ත්‍රිකුණාමලය, මඩකලපුව ඇතුලූ රෝහල් ගණනාවක ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ සම්පූර්ණයෙන් නවතා දැමීමට සිදුව ඇතැයිද ඔවුන් සඳහන් කරනවා.

ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ අඩුව, පී සී ආර් මගින් ආවරණය කල හැකි බවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක වරයාගේ ප්‍රකාශ පිළිබදව පුදුමයට පත්වන බවද ඔවුන් සඳහන් කරනවා.

Related posts

STF නව අණදෙන නිලධාරී ලෙස වරුණ ජයසුන්දර පත් කරයි [RELEASE]

Mohamed Dilsad

සීගිරියේ රෑට විදුලි පහන් දැල්වූයේ නැහැ – බුද්ධ ශාසන අමාත්‍යාංශය

Editor O

දිස්ත්‍රික්ක 4 කට පැනවූ නායයාමේ අනතුරු ඇගවීම තවදුරටත්

Mohamed Dilsad

Leave a Comment